හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නැවත පත් කෙරේ…

February 8, 2022 at 8:02 am | lanka C news
හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නැවත පත් කෙරේ…

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ.

ඒ මහතා (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අතර රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා තිබේ.

2019 දෙසැම්බර් මාසයේ දී වනිගසිංහ මහතා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ධූරයට පත් කෙරිණ.

– ජනාධිපති මාධ්‍ය අංශය

18,503 views

3 Comments to “හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් නැවත පත් කෙරේ…”

  1. Sanath Madhawa says:

    ට්‍රැක් අවුට් ජනාධිපති

  2. Dulmina says:

    USA වල පැස්ටෝල් ගහපු එකානෙ…
    🙉 🙊 🙈

Main News