හිටපු නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා කුඩු තිප්පලක් අසල වෙඩිතබා ඝාතනය කරයි..

August 4, 2019 at 8:02 am | lanka C news
හිටපු නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා කුඩු තිප්පලක් අසල වෙඩිතබා ඝාතනය කරයි..

ගාල්ල බන්ධනාගාරයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා කිසියම් පිරිසක් විසින් 03 සවස වෙඩිතබා ඝාතනය කර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ අම්බලන්ගොඩ, මීටියාගොඩ පදිංචි එම් ටී රුවන් තිහාර ජයරත්න නැමැති අයයි.

03 සවස 5.30 ට පමණ අම්බලන්ගොඩ, කුලීගොඩ හන්දියේදී මදක් මාදම්පාගම දෙසට වෙන්නට මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම් ටී රුවන් තිහාර ජයරත්න නැමැති අය බළපිටිය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී ඔහු මියගොස් තිබේ. දේහය මේ වන විට බළපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇත.

2018 ඔක්තෝම්බර් 19 වන දින මිටියාගොඩ බද්දේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති සත්ව ගොවිපලක් ආසන්නයට යතුරු පැදියෙන් ගොස් කුකුලු මස් තොග වශයෙන් මිලදී ගැනීමට විමසීමක් සිදුකරන අවස්ථාවේදී හෙරොයින් ජාවාරමේ යෙදුනා යැයි සැකපිට මොහු මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි. එම චෝදනාවෙන් නිදහස් වී මොහු නැවත සේවයට ගොස් ඇත්තේ මීට මාස 04 කට පමණ පෙර බවද අම්බලන්ගොඩ පොලීසිය මෙතෙක් කරන පොලිස් පරික්ෂණ වලදී තහවුරු කර ගෙන තිබුණි.

ඝාතනයට ලක් වු ජේලර්වරයා අත් අඩංගුවට ගෙන තිබුණේ දකුණු පාතාල නායක‍යෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ කුඩු තිප්පොලක් අසලදී බවත් ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ජේලර්වරයා එම අවස්ථාවේ එහි පැමිණි සිටියේ කුමක් සදහාද යන්න සම්බන්ධවත් පරීක්ෂණ පවත්මින් තිබුණි.

එම නිසාම මෙම ඝාතනයට පාතාල නායක පොඩිලැසී නැමැති අයගේ සම්බන්ධයක් තිබේද යන්න පොලීසියේ අවධානය යොමු වි තිබේ.

– ජයකාන්ත ලියනගේ

27,642 Viewers
Main News