හිටපු පොලිස් ලොක්කෙක් කෝටි එකහමාරක කේරල ගංජා ගෙනයද්දී අත්අඩංගුවට..

May 23, 2019 at 8:02 am | lanka C news
හිටපු පොලිස් ලොක්කෙක් කෝටි එකහමාරක කේරල ගංජා ගෙනයද්දී අත්අඩංගුවට..

මැදවච්චිය පොලිස් මාර්ග බාධකය අසලදී හිටපු පොලිස් පිරික්ෂක වරයෙකු සමග තවත් සැකකරුවෙකු විසින් ධාවනය කරමින් තිබූ සුඛෝපභොගී කාර් රථයක් පරික්ෂා කිරීමේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 138 ක් සමග අත්අඩංගුවට ගත් බවට මැදවච්චිය පොලීසිය පවසයි.

මැදවච්චිය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් හදීසි මාර්ග බාධක යොදා සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී අදාල සුඛෝපභෝගී මෝටර් රථය මන්නාරමේ සිට මැදවච්චිය හරහා අනුරාධපුරයට ධාවනය වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නවතා එය පරික්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අදාල කාර් රථය ධාවනය කර ඇත්තේ පොලිස් පරික්ෂක වරයෙකු ලෙසින් පෙනී සිටමින් කාර් රථය ධාවනය කිරීමට අවශ්‍ය බවට පවසා ඇත.

නමුත් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අදාල කාර් රථය පරික්ෂා කිරීමේදී කාර් රථය තුල සඟවා තිබූ කේරල ගංජා කිලෝ 138ක් තිබී සොයාගෙන ඇති අතර තවද කාර් රථය තුග තිබී පොලිස් නිලඇඳුමක්ද සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදීම කාර් රථය පැදවූ පොලිස් පරික්ෂක වරයා සමග තවත් අයෙකු අත්අඩංගුවට ගත් බවට මැදවච්චිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

27,911 Viewers

6 Comments to “හිටපු පොලිස් ලොක්කෙක් කෝටි එකහමාරක කේරල ගංජා ගෙනයද්දී අත්අඩංගුවට..”

  1. Kossa says:

    Pension gihillath me wage jara weda karanawanam, sewaye sitiyadee balaya baawitha karamin kopamana jara weda karanna athida?

  2. Sun says:

    Tough laws to tackle all these fellows greedy of money looking for dirty ways. They think money is everything and misuse their power of authority. This is a big mistake of the blind people.

  3. thriloka says:

    Ganja kiyanne Naraka Deyak meme. Ganata ganna. Kerala jarawa EPA api wawamu

  4. Nawodhi says:

    Likewise Piliyandala police Station’s garage protection. Even court closed garages are still operating in same police area under full blessing of police stations.

Main News