හිටපු ප‍්‍රබල ලේකම් 17 කෝටියක් පිල්ලි ගහලා… ඕස්ටේ‍්‍රලියාවේ සගවලා..

December 22, 2016 at 8:40 am | lanka C news
හිටපු ප‍්‍රබල ලේකම් 17 කෝටියක් පිල්ලි ගහලා…  ඕස්ටේ‍්‍රලියාවේ සගවලා..

ගිය රජය සමයේ ප්‍රබල අමාත්‍යාංශයක ලේකම් ගෙස කටයුතු කල පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 1780ක පමණ දේපල ඕස්ටේ‍්‍රලියාවේ ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඕස්ට්‍රේලියාවට ගොස් සිදු කරනු ලැබූ පරීක්‍ෂණවලදී එකී ‍ලේකම්වරයාට අයත් යයි කියන නිවාස හතරක්ද හඳුනාගෙන ඇත.

ගිය රජය විසින් ආරම්භ කරනු ලැබූ දැවැන්ත ව්‍යාපෘතියකින් මෙම ලේකම්වරයා මෙතරම් විශාල මුදලක් අයථා ලෙස උපයාගෙන ඇති හෙලිදරවු වී ඇති අතර මෙම පුද්ගලයාට නාවල ප්‍රදේශයේද රුපියල් කෝටියක් පමණ වටිනා ඉඩමක් ඇති බවද හෙලිව ඇත.

11,111 Viewers

2 Comments to “හිටපු ප‍්‍රබල ලේකම් 17 කෝටියක් පිල්ලි ගහලා… ඕස්ටේ‍්‍රලියාවේ සගවලා..”

  1. denagama says:

    ඔය ඉන්නේ දෙය්යනේ නෑ කියපු හොරු..

  2. බබා says:

    මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාවත්ද….? මොකද ඒකටත් ගෑවිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව….

Main News