හිටපු ප්‍රභූ දේශපාලඥයාගේ තරුණ මන්ත්‍රී පුතාගේ බිලියන 272ක් ඩුබායි බැංකුවෙන් සොයාගෙන..
July 28, 2017 at 9:20 am | lanka C news
මෙරට හිටපු ප්‍රභූ දේශපාඥයෙකුගේ තරුණ මන්ත්‍රී පුත්‍රයෙකු විසින් ඩුබායි ගිණුමක රුපියල් බිලියන 272ක මුදලක් තැන්පත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි.
මෙම මුදල උපයා ගත්තේ කෙසේදැයි තොරතුරු රැසක්ද හෙලි කරගෙන ඇති බව සදහන් එම වාර්තාව මෙරට අයවැය හිගය පියවීමට එම මුදල ප්‍රමාණයක් බවද සදහන් කරයි.
ඩුබායි බැංකුව වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් ගොස් ඇතත් බැංකුව විසින් තොරතුරු ලබා දී නැතැයිද වාර්තාවේ සදහන්ය.