හිටපු මෙගාපොලිස් බස් මං තීරු ඇන්දේ රත‍්‍රන්වලින්ද.. කිලෝ මීටරයක ඉරි අදින්න ලක්‍ෂ 60යි..

November 27, 2019 at 12:00 pm | lanka C news
හිටපු මෙගාපොලිස් බස් මං තීරු ඇන්දේ රත‍්‍රන්වලින්ද.. කිලෝ මීටරයක ඉරි අදින්න ලක්‍ෂ 60යි..

කොළඹ වාහන තදබදය නැවැත්වීමට කියමින් කොළඹට ඇතුළුවන මාර්ග පහක බස් ප්‍රමුඛතා මංතීරු වෙන් කිරීමට මෙගා පොලිස් අමාත්‍යාංශය රුපියල් මිලියන 235ක් වියදම් කර ඇතැයි අනාවරණය වෙයි.

ප්‍රධාන මාර්ග පහක බස් මංතීරු හඳුන්වා දීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 346ක ගිවිසුමකට එළැඹ ඇත.

බස් මංතීරුවල තීන්ත ආලේපනය, නාමපුවරු සවිකිරීම හා ප්‍රචාරණය වෙනුවෙන් මෙම මුදල් වෙන් කර තිබේ. කිලෝමීටර් 36ක් සඳහා මිලියන 235ක් වැයකිරීම නිසා කිලෝමීටරයකට රුපියල් මිලියන හයකට වඩා වැය කර ඇතැයි හෙළි වී ඇත.

2017 දී ඇරඹී මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය කිරීමට නියමිත මුළු කිලෝමීටර් ගණන 36කි. 2018 අවසන් වෙද්දී කිලෝමීටර් 21ක් ආවරණය කර ඇති අතර ඒ සඳහා වියදම් කර තිබූ මුදල රුපියල් මිලියන 104කි. පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දා වන විට තවත් මිලියන 131 ගෙවීමට නියමිතව තිබී ඇත.

මේ අනුව 2018දී මුළු වියදම රුපියල් මිලියන 235ක් වෙන් කර ඇත. මෙතරම් මුදලක් වැයකළද බස් ප්‍රමුඛතා මංතීරු නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නැත. රථවාහන තදබදයට නිසි විසඳුමක් ලබාදී නොතිබීමත් නිසා මහජන මුදල් අපතේ යැවීමක් සිදුකර ඇතැයි අමාත්‍යාංශ නිලධාරීහු පවසති.

කිලෝමීටර් 36ක ප්‍රමුඛතා මංතීරු වෙන්කිරීමේදී ගාලු පාරේ කිලෝමීටර් 16ක්, පාර්ලිමේන්තු පාරේ කිලෝමීටර් 10ක්, තර්ස්ටන් පාරේ සිට රීච් මාවත දක්වා කිලෝමීටර් 4ක්, කොම්පඤ්ඤ වීදිය මාර්ගයේ කිලෝමීටර් 4ක්, කොටුව සිට පිටකොටුව දක්වා කිලෝමීටර් දෙකක් වශයෙන් වෙන්කර ඇත.

– aruna

305 views

10 Comments to “හිටපු මෙගාපොලිස් බස් මං තීරු ඇන්දේ රත‍්‍රන්වලින්ද.. කිලෝ මීටරයක ඉරි අදින්න ලක්‍ෂ 60යි..”

  1. Dp says:

    ගැලරි ටෝක්ස් වැඩක් නෑ.හොරජම වෙලා නම් ,සාක්ෂි තියෙනවනම් නඩු දාලා අයකරගන්නා .කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් ඉන්නවනේ

    • Gamarala says:

      මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ උපදේශකත්වයෙන් ‌‌මෙම වැඩවලට මුදල් වියදමික‌ෙරේ ඔහුගේ ඇස්තමෙීන්තු වලට පච රණවක විසින්. ‌මොහුව ‌මොනම ‌‌හේතුවක් නිසාවත් කිසිම පුවාහන කටයුත්තකය සමිබන්ධ ‌කර ‌නොගත යුතුතුයි. ‌මොහු ගිය තැන ‌හොරකම.

  2. Siri says:

    කොහොමද ඒක

  3. Gonsun says:

    Paa cha Ranawaka gilla, dhan vamarapiya jadaya.

  4. Manoj says:

    ප.ච.රනවක මුදල් අවබාවිතයට අතඩන්ගුවට ගත යුතුයි .

  5. Manoj says:

    ප.ච.රනවක මුදල් අවබාවිතයට ගැන විමර්ශන යක් කල යුතුයි .

  6. Aurora says:

    ගාලු පාරේ රථවාහන තදබදය නැතිකරණ එක අනෙකුත් පාරවලට සාපේක්ෂව පහසුයි. ගාලු පාර දෙපසටම වාහන ධාවනය කරන්නත්, මූද අයිනේ පාර කොළඹ දිශාවට පමණක් වනලෙස සහ ඩුප්ලිකේෂන් පාර කොළඹින් පිටතට එක් දිශාවකට පමණක් යන ලෙසත් සැකසීමෙන් දැනට ඩුප්ලිකේෂන් පාරේ ඇතුළු පාරවල තදබදයද බස් රථ සොයා ඇවිදීමේ ගැටලුවද නිරාකරණය වෙනු ඇත.

    • මීට වඩා හොඳ නැද්ද තනි ලේන් එකේ යන්න බැරි එවුන්ට ගාලු පාරේ දෙහිවල ඉඳන් කොල්ලුපිටියටවත් කැමරා වලින් බලල දඩ කොල ලිව්වොත්.. අලුත් රස්සා නව ආදායම්.. සියළු තක්කඩින්ට අනිවාර්ය දඬුවම්. තව ත්‍රීවීල් යතුරුපැදි සඳහා ලංකාවෙ සියළු නගරවල වේනම වමේන් මංතීරුවක් වෙන්කල යුතුයි. ගාලුපාර දැන් දෙපැත්තට යන්න දෙන්න විශාල වියදමක් යනවා ආයෙ පේව්මන්ට් වෙනස් කරන්න එහෙම. අනික මැරයින් ඩ්‍රයිව් එකත් තිබුනට කොළඹින් පිට යන වාහන වලට ගොල්ෆේස් වලින් කෙලින්ම ප්‍රවේශයක් නෑ. ඩුප්ලිකේෂන් ට්‍රැෆික් වැඩිත් ඔය රෝද2-3 කට්ටියයි කෙලින් යන්න බැරි එවුනුයි පාර මැද්දෙ ගෙවල් වලවල් නිසා. අනික අර ලිබර්ටි ප්ලාසා එකේ පාර්කින් වලට පෝලිම සෙට්වෙන්න වෙනම මංතීරුව අයින් වෙන්න වෙනවා. උන්ට එන මිනිස්සුන්ට පාර්කින් දෙන්න බැරිනම් පොලොව යට හරි පාර්කින් වැඩි කරගන්න වෙනවා..ඉස්කෝලවලටත් මේ නීතිය ගේන්න පුලුවන්. ගොඩක් පාසල්වල ඉදිරිපස විශාල පර්ච්ස් 60-80ක් වත් ඉඩ තියනවා.. ඉතින් උදේට දවල්ට ලමයි ගේන්න එන වාහනවලට පාර්කින් වලට මේ කොටස ගන්න පුළුවන්. මේක පාසලක් ඉවරවෙන වේලාවට පැය දෙකක් කට්ටිය මහපාරෙ ලේන් එකක් දෙකක් බදු ගන්නවා. ඉතින් කට්ට කන්නෙ පාරෙ යන අනිත් එවුන්

    • Gamarala says:

      නගරයේ ඇති ලයිට් සිග්නල් SYNCHRONICE කරන්න ඒක් පුධාන මාර්ගයකට සාපේඛ්ෂව.

  7. Dinukshi says:

    This is a damn crime! Meka awilla maha hena gahapu ratakne. Even this new government has added all these crooked deal karayas once again. Api mareegana wada karala tax gewanna oni me kalakanni ballannta horakam karanna.

Main News