හිටපු වරාය රාජ්‍ය ඇමති CID අත්අඩංගුවේ..
December 15, 2020 at 10:40 am | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ දේපළ අවබාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පසුගිය රජය සමයේ මහරූෆ් මහතා වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතියවරණයේදී සමගි ජන බලවේගයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග වැදුන ඔහු පරාජය පත් විය.
ඇත්තටම හොරු ,රාජ්‍ය මුදල් අවභාවිතාකරන්නො ,මිනීමරුවො ඉන්න ඔනේ හිරේ , උන්ව නිදොස්කොට නිදහස් කරලා පුටුවල වාඩිකරවනකං මේ රට ආගාධයේ තමයි. තරාතිරම නොබලා රාජ්‍ය මුදල් අවභාවිතා කරන උන්දැලා ඇතුලට දාන්න ඔනේ සහ එම මුදල් අයකරගන්න ක්‍රමවේදයක් තියෙන්න ඔනේ. හැබැයි ඉතින් සිල් රෙදි හොරු එලියේ…😂😂
ඔයාට දුකයි නේ මෙයාව ඇතුලට ගත්තට😆
බොලාලා තමයි දුක් වෙනොනේ ,රිශාඩ් බදුර්දීන් ගෙ ඇම්බැට්ටයෙක් අත් අඩංගුවට ගන්නකොට..😜😜
අපේ ආණ්ඩුවක් ආවාම නිදොස් කොට නිදහස් කරමු!
ඔව් අර චම්පක වගේ. නඩු අහන්නෙත් නැතිව.