හිටපු සභාපති ලේක්හවුස් විනාශ කළ හැටි සාක්ෂි මෙන්න.. මැර සභාපති අපිට එපා.. – ලේක්හවුස් සේවකයෝ ජනපතිට ලියති..

December 23, 2018 at 1:20 pm | lanka C news
හිටපු සභාපති ලේක්හවුස් විනාශ කළ හැටි සාක්ෂි මෙන්න.. මැර සභාපති අපිට එපා.. – ලේක්හවුස් සේවකයෝ ජනපතිට ලියති..

පසුගිය 20 වැනිදා ලේක්හවුස් ආයතනයට එහි හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ලේක්හවුස් ජාතික සේවක සංගමයේ සැලසුමක් මත එහි පැමිණීමෙන් අනතුරුව දිනමිණ , සිළුමිණ සහ ඩේලිනිව්ස් ප්‍රවෘත්ති කර්තෘවරයාට තර්ජනය කිරීම මේ වන විට ලේක්හවුස් සේවකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබේ. නව එ.ජා.ප රජයේ කැබිනට් මණ්ඩලය පසුගිය 20 වැනිදා දිවරුම් දීමත් සමගම ඊට පැය භාගයකට පමණ පසුව ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා ලේක්හවුස් ආයතනයට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබිණි. මෙවැනි පසුබිමකදී ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපයන් පසුගිය කාලයේ ආයතනයේ සේවකයන් අතර දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් ලේක්හවුස් සේවකයන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ හිටපු සභාපතිවරයා යළි ලේක්හවුස් ආයතනයට පත් නොකරන ලෙසය.

ලේක්හවුස් සේවක සේවිකාවන් ,
ලේක්හවුස් , ඩී.ආර් විජේවර්ධන මාවත
කොළඹ 10.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය ,
කොළඹ 10.

අතිගරු ජනාධිපතිතුමනි.

ලේක්හවුස් අලාභ කළ, මැර සභාපති අපට එපා.
මෙන්න සාක්ෂි.
හිටපු සභාපති ලේක්හවුස් විනාශ කළ හැටි.

අතිගරු ජනාධිපතිතුමනි. පසුගිය 20 වැනිදා ලේක්හවුස් ආයතනයට හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ලේක්හවුස් ජාතික සේවක සංගමයේ ඉල්ලීම මත පැමිණ ආයතනයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දී පැය භාගයකට පසුව හිටපු සභාපතිවරයා පැමිණියේ සැලසුම්සහගතවය. ඔහුගේ අරමුණ වුයේ පසුගිය දින 51 ක් පැවැති මහින්ද රාජපක්ෂ – මෛත්‍රීපාල සිරිසේන නව රජය බිහිවු අවස්ථාවේ ලේක්හවුස් ආයතනයේ කැපවීමෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු විපක්ෂයේ සාමාජිකයන් බිය වැද්දීමය සහ අනාගතයේ පළිගන්නා බවට සපථ කිරීමය. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ලේක්හවුස් ආයතනයේ සේවයට පත් කළ පසුගිය දෙසැම්බර් 01 වැනිදා දිනමිණ කර්තෘ ධුරයට පත්වු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සී.ජේ අමරතුංග මහතාට හිටපු සභාපතිවරයාට තර්ජනය කළේ “තමුසේ ඔය පුටුවට ආවේ කොහොමද ? වහාම බැහැලා ගිහින් පුටුව පුෂ්පාට දෙනවා කියමිනි. එපමණක් නොව පසුගිය 20 වැනිදා පැමිණ ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා ගෙන්වා නියෝග කොට තිබුණේ හිටපු සභාපති වසන්ත ප්‍රිය රාමනායක පාවිච්චි කළ වැසිකිලියේ ස්කෝටින් ෆෑන් එක ඉවත් කරන ලෙසය. ඒ වෙනුවට රුපියල් 11,000 ගෙවා පසුගිය සිකුරාදා වන විට නව ස්කොටින් ෆෑන් එකක් මුදලට ගෙන්වා ගෙන තිබිණි.

*මැර බලයෙන් දිනමිණ කර්තෘ වෙනස් කරයි.

හිටපු සභාපතිවරයගේ තරම දන්නා සී.ජේ අමරතුංග කතුවරයා වචනයක් හෝ කීවේ නැත. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහට පමණක් සිදුවීම දන්වා තිබේ. නමුත් පසුගිය 21 වැනිදා වන විට දිනමිණ කර්තෘ නිල කාමරයෙන් සී.ජේ අමරතුංග ඉවත් වී හිටපු කර්තෘ පුෂ්පා රොවෙල්ට දිනමිණ බාර දෙන ලදී. මේ මැර හිටපු සභාපතිවරයාගේ අලුත්ම රංගනයේ ප්‍රථිපලයකි.

**ලේක්හවුස් වළ පල්ලට යවයි. විශාල පාඩුවක්. සාක්ෂි මෙන්න. රැස පාඩුව දැන් ලක්ෂ 650 යි.

හිටපු සභාපතිවරයා 2018 වර්ෂය ආරම්භයේදී රැස නමින් පුවත්පතක් ආරම්භ කරන ලදී. අද එම පුවත්පත අතිශයින්ම අසාර්ථකය. එම පුවත්පතේ මාසික පාඩුව ලක්ෂ 57 කි. අද වන විට රැස පුවත්පත නිසා ලේක්හවුස් ආයතනයට සිදුව ඇති වාර්ෂික පාඩුව ලක්ෂ 650 කි. ( මිලියන 65 කි.) පසුගිය නොවැම්බර් මාසයේ ලේක්හවුස් ආයතනයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවුයේ ලංකා බැංකුවෙන් ණය ලබා ගෙනය. රැස පුවත්පත පාඩු ලැබීමට හේතු කීපයකි. ප්‍රධානම හේතුව කිසිදු මාධ්‍ය පිළිබද අද්දැකීමක් නැති තරුණ නාඹර ගැටිස්සියන් පිරිසක් මධ්‍යවේදිනියන් ලෙස බඳවා ගැනීමය. එහෙත් ඒ අයගේ වැටුප රුපියල් 45000 සිට රු 70,000 පමණ වෙයි. රැස පුවත්පතේ වාර්ෂික පාඩුව නැති කරන්නේ නම් ආයතනයට එය විශාල ලාභයකි. නමුත් ක්‍රිෂාන්ත හිටපු සභාපතිවරයා පවසනුයේ රැස ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් බවය. මේ නිසා ලේක්හවුස් ආයතනයේ සමස්ථ සේවකයන් පරිභව කරනුයේ ඔබතුමාටය.

**අතිශය සමීප මිතුරු අභාවයට, රුපියල් ලක්ෂ 50 ක් ලේක්හවුසියෙන් ගෙවයි.

එපමණක් නොව රැස පුවත්පතේ ආරම්භක කර්තෘ හදිසියේ අභාවප්‍රාප්ත වු චාමර ලක්ෂාන් මහතාගේ බිරිඳට රුපියල් ලක්ෂ 37 පමණ වන්දියක් ගෙවනු ලැබිණි. එම වන්දි මුදල ගෙවනු ලැබුයේ ලේක්හවුස් ආයතනයේ නීති රීති වෙනස් කරමිනි. කොන්ත්‍රාත් පදනමේ සේවකයකු වු ඔහුගේ හිදිසි වියෝවට පසු ස්ථීර සේවයේ පිහිටුවන ලදී. එපමණක් නොව හිටපු කර්තෘවරයාගේ අවසන් කටයුතු සඳහා සහ අසනීපව සිටි අවස්ථාවේ අනුරාධපුරයේ සිට කොළඹට රැගෙන ඒමේ ගුවන් ගමන් වියදම් ලෙස තවත් රුපියල් ලක්ෂ 13 පමණ වැය කර තිබේ. මේ සියලු කටයුතු හිටපු සභාපතිවරයා කරනුයේ ආයතනයේ ස්ථීර සියලු නිලධාරීන් භීතියට පත් කරමින් තර්ජනය කරමිනි. රැකියාවට ඇති බිය නිසා කිසිවෙක් මේ ගැන පැමිණිලි කරන්නේ නැත. හේතුව හිටපු සභාපති නයෙක් බව කවුරුත් දන්නා නිසාය.

**පසුගිය වසරේ නත්තල් උත්සවයට ලක්ෂ 20 ක් වියදම් කරයි.

ලේක්හවුස් ඉතිහාසයේ කිසිදු දිනක නත්තල් උත්සවය මහා ඉහළින් සැමරූයේ නැත. නමුත් පසුගිය 2017 වසරේ ලේක්හවුස් ආයතනයේ නත්ත්ල් සැරසිලි සදහා පමණක් රුපියල් මිලියනයක් පමණ වියදම් කර තිබිණි. ( විදුලි බුබුළු ආලෝක කිරීම් සහ ආයතනයේ ඇතුළත නත්තල් සැරසිලි සඳහා.) එපමණක් නොව නත්තල් කැරොල් ප්‍රසංගයක් පැවැත්වුයේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ සහභාගීත්වයෙනි. එදින සියලු පැමිණි සේවකයන්ට රාත්‍රී ආහාරය සැපයුයේ හිල්ටන් හෝටලයෙනි. බිල ගෙවුයේ ලේක්හවුසියෙනි. මේ සියලු තොරතුරු ආයතනයේ තිබේ. අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා පත් කළ සභාපති යැයි ඔහු කියන නිසා සේවකයන් අවසානයේ පරිභව කරනුයේ ඔබතුමාටය.

**ඇමැති මංගල සමරවීරගේ පාක්ෂිකයන් 250 කට ලේක්හවුස් රැකියා.

පසුගිය කාලයේ හිටපු සභාපතිවරයා ඇමැති මංගල සමරවීර මහතාගේ හිතවතුන් 250 ක් පමණ ලේක්හවුස් ආයතනයේ ඉහළ සිට පහළ දක්වා ඇති තනතුරු සඳහා බඳවා ගන්නා ලදී. ඉන් සමහර සේවකයන් මේ වන විට ස්ථීර සේවයේ පිහිටුවා තිබේ. ලේක්හවුස් ආයතනයේ මේ වන විට අලාභ බව පෙන්වමින් ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රම 5 ක් හදුන්වා දී තිබියදී සේවකයන් ස්ථිර සේවයේ පිහිටුවීම නීති විරෝධීය. නමුත් හිටපු සභාපති නීතියට පිටින් එවා සිදු කර තිබේ.

**රිවිර පුවත්පතේ සියලු ගජ මිතුරන් ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු
වැටුප රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර.

හිටපු සභාපති ක්‍රිෂාන්ත රිවිර පුවත්පත් ජාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාය. රිවිර පුවත්පත වසා දැමීමෙන් පසු එහි සේවය කළ ගජමිතුරු කැළ ලේක්හවුස් ආයතනයේ ඉහළ තනතුරු සදහා පත් කරන ලදී. රිවිර පුවත්පතේ සේවය කළ එම හිතවතුන් සදහා සියලු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් මේ වන විට රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර වැටුපක් ලබයි. අනෙකුත් සියලු හිතමිතුරන් රුපියල් ලක්ෂ එකහමාරට වැඩි වැටුප් ලබයි.

1) ගාමිණී නිකලසුරිය- නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අළෙවි
2)යු.ආර්. චන්ද්‍රතිලක – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – නිෂ්පාදන
3)අසංක පීරිස් – සහකාර සාමාන්‍යාධිකාරී – දැන්වීම්
4)එස්. චන්ද්‍රලාල් එස්. සුරියආරච්චි- ජ්‍යෙෂ්ඨ කළමනාකරු – අභ්‍යන්තර මෙහෙයුම් ( සභාපති සම්බන්ධීකරණ නිලධාරී)
5) චමත්කාර ජයසුරිය -අංශ ප්‍රධානී – සමාජ ජාලා – ( කතානායක කරු ජයසුරියගේ සමාජ ජාලා ප්‍රධානියාය. පාර්ලිමේන්තුවේ සේවය කර පසුව රාත්‍රියට ලේක්හවුස් සේවය පැමිණෙයි.)
6) රැස කර්තෘ – රංජිත් සමරකෝන්
7) ශාන්ත පුෂ්පකුමාර -කළමනාකරු – බෙදාහැරීම්.
8)නිර්මාන හා සැලසුම් කර්තෘ- චාමර කවිරත්න
9)සහකාර ඉංජිනේරු – ධනුෂිකා කරුණාවල්ලම
10) අංශ ප්‍රධානී ඉදිකිරිම් – විසෙන්දි

**එන්ටප්‍රසිසස් ශ්‍රී ලංකා ඇතුළු එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසහටන් සදහා විශාල මුල්‍ය නාස්තියක්.

** රැස පුවත්පත පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිට දින 51 තිස්සේ පිටත සිටි මෙහෙයවීම.

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා ආණ්ඩු පෙරළිය සිදු වුවද ලේක්හවුස් ආයතනයේ රැස පුවත්පත කටයුතු කළේ රාජ්‍ය මාධ්‍යයක් ලෙස නොවේ. තනිකරම එ.ජා.ප හිතවාදී ලෙස පුවත්පත මෙහෙයවන ලදි. ඒ සියලු කටයුතු සිදු කළේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ විසිනි.

** ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති නායකයන්ගෙන් පළි ගන්නා බවට සඵත කිරීම.

පසුගිය 20 වැනිදා ලේක්හවුස් පැමිණි හිටපු සභාපතිවරයා ලේක්හවුස් ආයතනයේ සභාපති නිල කාමරයට ගොස් පැමිණ දිනමිණ , සිළුමිණ සහ ඩේලිනිව්ස් කර්තෘවරුන්ට තර්ජනය කිරීමෙන් අනතුරුව ගියේ එක්සත් ජාතික පක්ෂයට අයත් ජාතික සේවක සංගමයේ කාර්යාලයටය. එහිදී ඔහු සඵත කොට කීවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ආයතනයෙන් අතුගා දමන බවය.
එම වෘත්තීය සමිති නායකයන්ට දැඩි දඩුවම් විදීමට සිදු වනු ඇති බවද ඔහු කියා තිබිණි.

** මෛත්‍රී – මහින්ද රාජපක්ෂ රජය** විසින් සේවා අවශ්‍යතා මත ලබා දුන් ලේක්හවුස් සේවක උසස්වීම් අහෝසි කිරීමට වාර්තාවක් සකසන ලෙස ආයතනයේ මානව සම්පත් අංශයට උපදෙස් දීම.

මෛත්‍රී – මහින්ද රාජපක්ෂ දින 56 ක රජය පැවැති සමයේ ආයතනයේ කටයුතු අඩාල වීම වැලැක්වීමට ආයතනයේ සේවකයන් 19 දෙනකු වෙත සේවා අවශ්‍යතා මත උසස්වීම් ලබා දී තිබු අතර එම උසස්වීම් වහාම අහෝසි කිරීමට වාර්තාවක් සකසන ලෙස හිටපු සභාපතිවරයා පැමිණ ආයතනයේ මානව සම්පත් අංශයට උපදෙස් දී තිබිණි. ඒ අනුව පසුගිය 21 වැනිදා සිදුරාදා වන විට එම වාර්තාව සකසා අවසන් කර තිබිණි. අදාළ උසස්වීම් ලබා දී තිබුණේ හිටපු ජනමාධ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සහ ජනාමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි සභාපති වසන්ත ප්‍රිය රාමනායක මහතා විසිනි.

අතිගරු ජනාධිපතිතුමනි. මේ අපි ඔබතුමන් වෙත වාර්තා කළේ ආයතනයේ සත්‍ය තත්ත්වයයි. හිටපු සභාපතිවරයාගේ පාලන කාලය යනු ලේක්හවුස් ආයතනය මුල්‍ය අතින් අගාධයට යැවු කාල පරිච්චේදයකි. එබැවින් එවැනි මැර , අශිෂ්ඨ සම්පන්න ,යහපාලන සංකල්ප අමුඅමුවේ උල්ලංඝනය කරනු ලැබු , වෘත්තීය සමිති නායකයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් යුතු හිටපු සභාපතිවරයා යළිත් ලේක්හවුස් ආයතනයට පත් නොකරන ලෙස අපි ඉතා ගෞරවයෙන් යුතුව ඔබතුමාගන් ඉල්ලා සිටිමු.

ස්තුතියි. මීට
ලේක්හවුස් සේවක / සේවිකාවන්

115 views

6 Comments to “හිටපු සභාපති ලේක්හවුස් විනාශ කළ හැටි සාක්ෂි මෙන්න.. මැර සභාපති අපිට එපා.. – ලේක්හවුස් සේවකයෝ ජනපතිට ලියති..”

  1. kate says:

    Ane Apoi mage Rata!!!!!!!!

    • chamara laksan rasa puwathpatha haraha lankawa patakayanga sithum pathuhum walata obina akarayata puwath path kalawa wanasak athi karamin thibuna bawa rasa patakayaku wana mata vatahuna. avani dakshayakutath gara hana thuf pai madya wadiyo nisa thamai lakhouse aka padulabanna. mulinma urthiya samithi tika alawanna. matin vikrama sinhalaga parapura awsana puruka u chamara lakshanla thawathawath bhi karanna lak house sabaha pathi ta sakthiya labawa.

  2. suranga says:

    ඒ කියන්නේ මෛත්‍රි-මහින්ද දින 51ට ඒකටත් අත තියලා හෙන්ලාචයි දාලා?

    • යකා says:

      තොගේ මොළේ ගූ ද ? යකෝ හිටපු සභාපති මහින්දගේ කෙනෙක් නම් රනිලා පත් වුනාම ඌ එනවද ගෙම්බර් දාන්න ?

  3. Suren says:

    He has spent one million for X’s decorations, my foot. This UNP government is against Buddhists appointing non Buddhists to crucial posts who can damage Buddhist image. Lake house publications no doubt taking anti Buddhist stance. The President should remove this chap immediately from his post.

  4. Kkc deshapriya says:

    රැස යනු ලේක් හවුස් හා චාමර ලක්ශාන් කුමාරගේ දැවැන්තම නිර්මානයකි .”අද” වැනි පුවත් පත් අසරන කරන ලද රැස ලෙක් හවුස් ආයතනයේ වැඩිපුරම අලෙවි වූ පුවත් පත් අතර වීය .එවැනි පුවත්පතක් හා එහි කතෘ පිලිබඳ මෙවැනි නින්දාසහගත ලිපි, සියලු මාධ්‍යයවේදින් හෙලා දැකිය යුතුමය .රාජකාරි අවස්ථාවක අනතුරට පත් චාමර සම්බන්ධයෙන් ලෙක් හවුස් ආයතනයේ සේවය ප්‍රශන්සාවට ලක්විය යුතුය. ඕනෑම මාධ්‍යය වේදියෙකුට හෝ වෙනත් සේවයකුටද එම සත්කාර ලැබිය යුතුය .එවැනි සේවාවක් විවේචනය කර රාජ්‍ය සේවය කරන සියලු සේවකයන් ගේ අයිතිවාසිකම් හෑල්ලුවට ලක්කිරීම ලජ්ජා සහගතය.

Main News