හිටපු හමුදාපති ජනාධිපතිවරණයට.. නම් කිරීමට ඉරිදා සුගතදාසයේ උත්සවයක්..
September 24, 2019 at 10:00 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තම පක්ෂයෙන් ඉදිරිපත් වන බව ජාතික ජනතා පක්ෂය සඳහන් කරයි.
නීතියේ ආධිපත්‍යය, සාධාරණත්වය ස්ථාපිත කිරීමට මෙම ඉදිරිපත් කිරීම සිදු වන බවත් මේ වන විට අදාළ කටයුතු සංවිධානය කරමින් සිටින බවත් ඔහු පැවසීය.
තම පක්ෂය හා සිවිල් සංවිධාන රාශියක් එකමුතුවෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන අපේක්ෂකයා එළැඹෙන 29දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නම් කරන බවද ප්‍රකාශකයා පැවසීය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ආර්ථිකය ඇතුළු රටේ සමස්ථ ගැටළුවලට විසඳුම් දීම වෙනුවෙනි පක්ෂය විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට තම ජනාධිපති අපේක්ෂකයා එකඟතාවය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.