හිට්ලර් කෙනෙක්, ඒකාපතියෙක් ලෙස ගෝටාභයට රට කරවන්නට ඉඩ නොතබන බව ජනාධිපති කියයි..

June 21, 2018 at 11:02 pm | lanka C news
හිට්ලර් කෙනෙක්,  ඒකාපතියෙක් ලෙස ගෝටාභයට රට කරවන්නට ඉඩ නොතබන බව ජනාධිපති කියයි..

ඒකාධිපති පාලනයක් නැවත ගෙන ඒමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

‘සමහර අය කියනව මං පණ මදි කොන්ද පණ නෑ මීට වඩා තද වෙන්න ඔ්න. තද නායකයො වෙන්න ඔ්න. මං දැක්ක ඊයේ ස්වාමීන් වහන්සේල කිහිප දෙනෙත් කියල තියෙනවා ඒකාධිපති පාලනයක් ඔ්නලු. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේල අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඔන කියල අපි වරද්දගන්න තැනත් ඒක’

ජනාධිපතිරවයා මෙම අදහස් පලක කරන ලද්දේ කුරුණෑගල නිකවැරටියේදී පැවති උත්සවයකදීය.

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ඉල්ලීම ගැන ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

63 views