හිටිවන පච කෙලින නායකයන් නිසා සමාජයම අවුල් වියවුල්..

June 19, 2019 at 12:40 pm | lanka C news
හිටිවන පච කෙලින නායකයන් නිසා සමාජයම අවුල් වියවුල්..

පාලකයන් බෞද්ධ ප්‍රතිපත්ති වලට පටහැනි ව හැසිරෙන නිසා රට වේගයෙන් පරිහානියට යමින් තිබෙන බවත් ,එයින් අප රට ගොඩ ගැනීමට නම් ප්‍රතිපත්ති ගරුක සත්‍යවාදී නායකයන්ගෙන් යුත් රාජ්‍ය පාලනයක් ඉක්මනින් බිහි කර ගත යුතුව ඇති බවත් , විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

යමෙකුගේ කතාව සත්‍යවාදී නැත්නම් ක්‍රියාවන් හා සිතුවිලි වැරදි නම් ඔහු තිරිසනකුට සමාන වන බව බණ පොතේ සඳහන් වන්නේ යැයි කී ඒ මහතා වත්මන් ඇතැම් නායකයන් එවැනි තත්වයකට පත් ව ඇති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පෙනී යන්නේ යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කිවේ පොසොන් පොහොය නිමිති කරගෙන හක්මන -පොත් දෙනිය අසෝකාරාම විහාරස්ථානයේ පැවති ධර්ම සාකච්චාවේදී ” වියැකී යන මිනිස් කමට ජීවය දෙන දහම් මඟ ” මැයෙන් ආරාධිත දේශනය කරමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

ආගම දහමින් තමයි අපේ ජීවිත සරු සාර වන්නේ . රටේ පදනම සිංහල බෞද්ධ සංස්කෘතියයි .ඒ ගැනත් අනවශ්‍ය විවාදයක් හදල සමාජය භේද භින්න කරන්න සමහරුන් උත්සාහ කරනවා .අද අපට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ බියකරු අසහනකාරී රටක .ඒ තත්වය ඇති කළේ පාලකයන් .ඔවුන් කටයුතු කරන්නේ ලජ්ජා භය ගැන හිතන්නෙ නැතුවයි . ඒ වගේම ඔවුන්ට බෞද්ධ ප්‍රතිපත්තිය ගැන තැකීමක් නෑ .

නායකයන් බොරු කියමින් ප්‍රතිපත්ති කඩමින් ක්‍රියා කරන නිසා රටේ පාලනය වගේම සමාජයම අවුල් වියවුල් වෙලා .ආර්ථික ප්‍රශ්න උග්‍ර වී ජනතාව අසරණ වෙලා .මේ නිසා මිනිස්කම ද වේගයෙන් වියැකී යන්න පටන් අරන් .තව දුරටත් මෙහෙම ගියොත් දරුවන්ගේ අනාගතය අදුරු වෙනවා .

රටට ජාතියට ආදරය ඇති මිනිස්සුන්ට වගකීම් බාර දෙන්න ජනතාව පෙළ ගැසෙන්න ඕනෑ .ගමින් ගමට සදාචාර සංවර්ධන ක්‍රියාන්විතයක් ඉක්මනින් ආරම්භ කළ යුතු වෙනවා .සියලු දෙනාට හොඳින් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සකස් කර දීම පාලකයන්ගේ වගකීමක් .ඒ ගැන ඒ අයට නම් කිසිදු හැගීමක් නෑ .බොහෝ දෙනා තුළින් මිනිස්කම දුරු වී තිරිසන් ගති මතු වෙන්න පටන් අරන් .දැන් ගිහි පැවිදි සියලු දෙනා රට වෙනුවෙන් එක් අරමුණකින් යුතුව පෙරට ආ යුතු කාලය ඇවිත් තියෙන්නෙ .

පරාර්ථයට නැඹුරු සිත් ඇති මිනිස් සමාජයක් නිර්මාණය කර ගැනීමට මග පෙන්වන්නේ බුදු දහමයි .මෙලොව පරලොව දෙකම සැපවත් කර ගත යුතු ආකාරය බුදු දහම මනා ලෙස පෙන්වා දී තිබෙනවා .මෙලොව සතුටින් ඉන්න නම් සුදුසු රටක් තියෙන්න ඕනෑ .අද අපට එවැනි රටක් නෑ .ගිහි පැවිදි දෙපාර්ශ්වයම තම අඩුපාඩු නිවරැදි කර ගෙන අපේ රට තුළ දැහැමි රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට පෙළ ගැසිය යුතුයි .

මෙම අවස්ථාවට ඌරුබොක්ක තුසිත පිරිවෙන් විහාරාධිපති ඌරුබොක්කේ සුගතසාර හිමි ,පොත්දෙනිය අශෝකාරාමාධිපති කෝන්ගහ දෙනියේ සුමනසාර හිමි යන ස්වාමින්වහන්සේලා ද එක්ව සිටියහ .

37 views

7 Comments to “හිටිවන පච කෙලින නායකයන් නිසා සමාජයම අවුල් වියවුල්..”

  1. sathya says:

    ඌරුබොක්කේ රිෂාඩ් බදියුඩීන්
    ඌරුබොක්කේ රවුෆ් හකීම්

    • නැවුම් මාවත says:

      රටට සියලුම ජනතාව එක්කල හැකි නායකයෙක් අවශ්‍යයි රතන හාමුදුරුවන්ගේ අභීත මැදිහත්වීම එක ජාතියකට විරුද්දව නොවේ උන්වහන්සේගේ සැලසුම රටේ සිංහලයා ආරක්ෂා කරන හෙළ උරුමයේ විශිෂ්ට නායක චම්පික රණවක අභීත විරුවාගේ සැලසුම හරහා සිංහල ජාතිය ඉහලට ඔසවා තැබීමයි .චම්පිකගේ විශිෂ්ට සැලසුම හා රතන හාමුදුරුවන්ගේ අභීත ක්‍රියාමගින් ජාතිය රැකගනිමු .චම්පික රණවක ජනපති කරමු .එජාපය නැවත දේශප්‍රේමී පක්ෂයක් බවට .එදා ඩි එස් සේනානායක විරුවාගේ පක්ෂය බවට පත් කරමු එජාපයේ විජාතික පෙරමුණ එයට විරුද්ද වුවහොත් ශ්‍රීලනිප ගරු ජනපතිතුමන්ගේ ආශිර්වාදයෙන් චම්පික ශ්‍රීලනිප අපේක්ෂක කරමු .දෙමල ජනතාවගේ චන්ද දිනාගැනීමට රතනහිමිට හැර පොහොට්ටුවට සැලසුමක් නැත චම්පිකගේ ජයග්‍රහණය රහස එයයි

      • Norata Eka says:

        🤣🤣🤣🤣

      • නැවුම් මාවත 2 says:

        අපිට ඕනෙ,,,,
        රෑට දඩාවතේ යන දවල්ට සිල් රකින උපාසකයෙක්.
        දවස පුරාම පච කෙලින සත්‍යපාල කෙනෙක්.
        කළු සල්ලි පැනමා ඇලෙන් හෝදල සුදු කරන විශ්ව-කරුමයෙක්.
        අනුන්ගෙ ගෑණුන්ට කෙල හලන මන්ද මානසිකයෙක්.
        හෙළයේ උරුමය වෙනුවට හෙළුව වනන පාපතරයෙක්.

  2. Love nature says:

    “මහරජ, ඔබට මෙන් ම ගුවනේ සැරිසරන පක්ෂීන්ට ද, වන සතුන්ට ද මේ රටේ ඕනෑම තැනෙක ජීවත්වීමේ හා ඔබ මොබ යාමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියාට සහ අනෙකුත් සතුන්ට ද අයිතිවන අතර ඔබ එහි භාරකරු පමණකි.” (මිහින්තලා පර්වතය අසල දී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට දේශනා කරන ලද්දකි.)

  3. Love nature says:

    බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලීනව ගම හා පන්සල අතර පැවති සබැඳියාව

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් කාලයත් සමග භික්ෂුව සංචාරක ජීවිතයට වඩා ආරාමික ජීවීතයට හුරු වූහ.

    කාලීන අවශ්‍යතා අනුව ධර්මය පමණක් නොව වෙනත් උචිත ශිල්ප ශාස්ත්‍ර ද උගන්වන මධ්‍යස්ථානය බවට පන්සල පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස නාලන්දා, වික්‍රමශීලා වැනි විශ්වවිද්‍යාල පවා බිහි විය.

    එසේම ලක් වැසියාගේ ආගමික, සංස්කෘතික, වෛද්‍ය හා අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේ ගමේ පන්සලයි. ගැමි දරුවාගේ පටන් රජ කුමරා දක්වා ශිලප උගත්තේ ගමේ පන්සලෙනි.

    එවන් භික්ෂුව රැකගැනීම හා පෝෂණය කිරීම රජුගේ වගකීම විය.

    රටේ හා ගමේ ආරක්ෂාව සහ සාමය, සමගිය ඇති කරවීමට, රාජ්‍ය අර්බුද සමතයකට පත් කිරීමට මෙන්ම නඩු හබ විසඳීමටද භික්ෂූන් වහන්සේගේ දායකත්වය ලැබුණි.

    ගමේ පොදු කටයුතු සාකච්ඡා කිරීමට හා රැස්වීම් පැවැත්වීමට ජනතාව එක්රැස් වූයේ ගමේ පන්සලටයි.

    ගම්වැසියාගේ ගුණ නැණ පෝෂණය කරමින් උපතේ සිට මරණය දක්වා සෑම කටයුත්තකටම සම්බන්ධ වෙමින් අවවාධ අනුශාසනා සපයමින් ගමට නායකත්වය දුන්නේ ගමේ පන්සලයි.

  4. sinha le says:

    පර කළු සුද්දා

    වර්‍ෂ 1815 තෙක්ම සිංහලේ නමින් හැඳින්වූ මේ කුඩා දූපත දැන් 2019 වනවිට වැටෙමින් සිටිනා අගාධය ගැන සිතමින් සිතින අපට , අනගාරික ධර්‍මපාලතුමා 1940ස් ගණන් වලදී සිංහල බෞද්ධයින්ගෙන් කරන ලද බැලූ බැල්මට නම් විහිළුවක් සේ පෙනුනු එක්තරා ඉල්ලීමක් මතකයට ආවේය: කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, පර සුද්දා! පර සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා යන්න එම හාස්‍යජනක සේ සිතෙන ඉල්ලීම විය

Main News