හිමිකමක් නැතිව භුක්ති විඳි රජයේ ඉඩම් සඳහා ජනපති අතින් සින්නක්කර ඔප්පු.. වසර අවසානයට පෙර ලක්ෂයක්..
March 8, 2021 at 6:48 pm | lanka C news
නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.
“සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමේ.
මේ වැඩසටහන ගොවිතැනින් ජිවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩි කර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි.
දීමනා පත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකිය. ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකවීම ඉඩම්ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍රලාභීන්ට හිමි වෙයි. මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිතුමා විසින් දීමනා පත්‍ර ප්රදානය කෙරිණ.
ජනාධිපති කාර්යාලය, ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, සිරිපාල ගමලත්, අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
සෞභග්‍යයේ දැක්මින් නිරවුල් ඉඩම් ලැබී
සතුටට ටික කලක් තිය ඔප්පු මුහුණ සිබී
බැරි කල හම්බයකුට උගසට තියලම බබී
සින්නවෙ නොදැනිම නොගෙවි පොලී චබී
සංඝගෙ බියුටිත් ගියා දීමනා පත්‍ර අරගන්න
ගැහුවා මේකප් දියවෙනතුරු සෙල්ෆි ඔන්න
වැටුනා මාධ්‍යට කූට ලේඛන නොවෙ අන්න
ග්‍රාමය බේරුනි රස්සාව ලැබි රට දැන ගන්න
දේශපාලනයෙන් තොරව හිතන්න පොඩ්ඩක්….
හැම පවුලකටම ඉඩම් දෙන්නෙ කොහොමද? ලන්කාවෙ ජනගහනය වැඩි වෙනව…ඒත් ඉඩම් ප්‍රමානය වැඩි වෙනවද? කැලෑ කොපමන තව එලි කරන්නද??
ඔක්කොම සෙල්ලම් දාන්න පුලුවන් මේ වර්ග කිමී 65,610 ප්‍රමානය ඇතුලෙ.
පොඩ්ඩක් හිතන්න….මෙහෙම රක්ශිත කප කප තව කොච්චර යන්නද?
සන්චාරක කර්මාන්තය දියුනු කරන්නෙ කොහොමද ඕව කරල??
එන සන්චාරකයන් ඔක්කොම එන්නෙ බීච් එකේ පොඩ්ඩක් වැතිරිලා නටබුන් බලල යන්න නෙවෙයි….ලන්කාවෙ වන සතුන්, තුරුලතා හැම දෙයක් ම බලන්න…
Nature- wild life photography වලට. රක්ශිත කපල වන සතුන් වඳ කරල මොනවද එන මිනිස්සුන්ට පෙන්නන්නෙ??? චන්ද ගැන හිතල නම් ඕක කරන්න බෑ
සබ්රි ගේ සහචරයන්ට ඉල්ලම පෑදෙන්න යන්නෙ, පෑදුනේ නැතත් ගන්නවා.
උඹ නම් නියම ඇම්ඩම තමයි. නිකන් බුරුවෙක් වගේ හිතන්න එපා. එය ඔප්පු දෙන්නේ කැ ල එලිකරලා නොවෙයි. ඒ මිනිස්සු අවුරුදු ගණනක් තිස්සේ වගා කල ඉඩම් වලට. ඒවා රජයට අයත් ඉඩම් නිසා ඒ මිනිසුන් හට ඒවා ලියලා දෙනවා. නිකන් සජිත් වගේ කුහක යෙක් වෙන්න එපා. උඹට ඉන්න ඉඩමක් තමන්ගේම ඉඩමක් ලැබුනොත් එපා කියනවද? සමහරවිට උඹ සජියගේ අහවල් එක අතගාල උඹට සල්ලි ගොඩක් ඇති. ඒත් අහිංසක අසරණ මිනිසුන්ට එහෙම නැහැ.
ලංකාවේ වන විනාශ කරන්න ඕන නැහැ ඉඩම් දෙන්න. ඔය උඹලා දන්නා තරම්. ගස් වැවෙන්නේ නැති කාන්තාර වගේ ඉඩම් කොච්චර තිබෙන වද. නිකන් සජියට දිදී ඉන්නේ නැතුව ගිහිල්ලා පොඩ්ඩක් විපරම් කරලා බලපන්. යකෝ උඹට දෙන්න බැරිනම් දෙන එකාට නිකන් පද හදන්නේ නැතිව හිටපන්. තොපිල වගේ කුහක කාලකන්නි ඉන්නකම් රට හදන්න බැහැ. උඹල ලබන ආත්මේ පාරේ ඇවිදින බල්ලෝ වෙලා උපදින්නේ. මෝඩ මුසලය.
මෝඩ ඇම්ඩො,
ඔච්චර අමාරු නං උබ ඉන්න ඉඩම කැළෑ වවන්ඩ දීපන්. අසරණ මිනිස්සුන්ට ලැබෙන දේට ඉරිසියා නොකර.
Are Mr. Gandassara and his wife are on this list too?