හිමිකරුවෙක් නැති කේරල ගංජා තොගයක් අත්අඩංගුවට…

August 4, 2019 at 2:07 am | lanka C news
හිමිකරුවෙක් නැති කේරල ගංජා තොගයක් අත්අඩංගුවට…

යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් හා ඉලවාලෙයි පොලීස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයෙුමකදී මෙම කේර්ල ගංජා තොගය හමු වී ඇත.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදා හැරීම සඳහා සූදනම් වන අවස්ථාවකදී නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුමක් හේතුවෙන් කේරල ගංජා තොගය දමා ජාවාරම් කරුවන් පලා යනන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

එම කේරල ගංජා තොගය ඉටිකොළවලින් ආවරණය කොට තිබූ අතර වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව විසින් පේදුරුතුඩුව පොලීසියට භාර දීමට පියවර ගෙන තිබුණී.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,750 Viewers
Main News