හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්.. දහස් ගණනක් සිරිකොත වටලන්න යයි.. එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ද වෙයි..

May 4, 2018 at 3:50 pm | lanka C news
හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්.. දහස් ගණනක් සිරිකොත වටලන්න යයි.. එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ද වෙයි..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශය නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තීරණය කර ඇති බව සංවිධානයේ ලේකම් එස්.ආර්.එම්. වික‍්‍රමසිංහ මහතා කීය.

මෙම විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය දක්වන බවත් එය පැවැත්වෙන දිනයේදී දහස් ගණනක් සමගින් සිරිකොත වැටලීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතුය යන මතයේ දැනට මන්ත‍්‍රීවරුන් 25කට වඩා සිටින බවද එම මාධ්‍ය හමුවේදී හෙලි විය.

19 views

10 Comments to “හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්.. දහස් ගණනක් සිරිකොත වටලන්න යයි.. එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ද වෙයි..”

  1. ඩිෆෙන්ඩරක් යවල අකිලව උස්සනවා, says:

    ඩිෆෙන්ඩරක් යවල අකිලව උස්සනවා, ලෝයර් කියනවා. පිසසුද බං. මේවා ඔක්කොම යහපාලන සමයන්. බයස්කෝප්.

    • ජනක says:

      අපි රනිල් වික්‍රමසිංහට විරුද්දයි නමුත් මේ අවස්ථාවේ අපි රනිල්ගේ පැත්තේ වෘෂනිකා යනු අත්තෙන් අත්තට පනින කිසිම වැදගැම්මකට නැති කෙනෙක් කට පළල කම හැරෙන්න වෙන දෙයක් නැති ඒ කුණු කටින් කුණු කතා කියවන වට්ටි අම්ම කෙනෙක් .ඊයේ පෙරෙදා ඉපදුනු, දේශපාලනයට ආව ගමන් කොලේ ඉරාගත්ත මේවගේ අදක්ෂ චරිතයකට පුලුවන්ද රනිල් වික්‍රමසිංහට අබියෝග කරන්න .මේ ගෑනි කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් .මේවගේ කොලිටි නැති ගෑනු මිනිස්සු දේශපාලනයට එන එක තමා මේ රටට තිබෙන කෙදවාචකය .දැක්කනේ මේ ගෑනි බොරැල්ලේ ඔෆිස් එකකට පැනලා දාපු චන්ඩි කම එතකොට අර දුප්පත් කොල්ලෙක් උස්සල දාපු චන්ඩි කම .රනිල් වික්‍රම සිංහ පාත්ත නැටුම් කැරකි කැරකි දැම්ම තමයි නමුත් වෘෂනිකා කොලොන්නාවේ කෙල්ලෙක් රනිල් විජේවර්දන පවුලේ සාමාජිකයෙක් වෙනස එකයි .
      වුර්ශනිකා වගේම තවත් ගෑනියෙක් වන සැටලයිට් ගෑනි තමයි මේ රට කෑවේ එනිසා තවත් ඒවගේ කෙනෙක්ට මේ රට පොඩි වැඩියි .
      රනිල්ව අගමැතිකමින් අහක් කරන්න ඕනා තමයි හැබැයි ඒ එක්කම වෘෂනිකාත් දේශපාලනයෙන් අනිවාර්යෙන්ම ඉවත් කලයුතුයි

      • කැපුවත් මම කොළ says:

        ඇත්ත මේක අපේ පක්ෂයේ ඇතුළත ප්‍රශනයක් හිරුනික කියන්නේ එජාප කෙනෙක් නෙවෙයි එයාට කිසිම අයිතියක් නෑ රනිල්ගේ නායකත්වය ගැන ප්‍රශ්න කරන්න .අනික් කාරණාව තමුන්ගේ පළාතේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැදුණු වෙලාවේ ඒ පත්තකවත් නොගිහින් මිනිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා හූ කාගෙන ගියපු කෙනාට ජනතාව වෙනුවෙන් නොව තමුන් වෙනුවෙන් දේශපාලනය කරන බව ඔප්පු වෙච්චි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි අවලංගු කාසියක් වගේ කෙනෙක්ව පක්ෂයට අරගෙන තව මෙයාට අපේ නායකයෝ ගැන කතා කරන්න තියෙන අයිතිය මොකද්ද ?මේක කොහෙන් ආව ශක්තියක්ද ?මෙයා වගේ කෙනෙක් දුප්පත් රත්මලාන මොරටුව පැත්තේ ජනතාවට සලකාවිද ?මුන් ඩිෆෙන්ඩර් වලට ආත්මය පාවල දෙන දේශපාලන අනාතයෝ
        අනිවාර්යෙන්ම මෙයා වැඩකරන්නේ ශ්‍රීලංකා කාරයන්ගේ සැලසුමකට අනුව කවුරුහරි ශ්‍රීලංකා කාරයෙක් මෙයාව මෙහෙයවනවා .එජාපයට ආදරේ හැමෝම මේ ගැන හිතලා තේරුම් අරගෙන මේ හිරුනිකා කියන පක්ෂේ ඇතුලට රිංගලා ඉන්න ඔත්තු කාරිය පක්ෂයෙන් ඉවත් කරන්න කටයුතු නොකලොත් එජාපයේ බලය එජාප උරුමක්කාරයන්ගෙන් ගිලිහිලා ශ්‍රීලනිප කුමන්ත්‍රණ කාරයෝ අතට පත්වේවි ,එජාප කැරලිකාරයෝ මේගැන බොහොම පරිස්සමින් හිතල බලන්න තමුන් සෙල්ලන් කරන්නේ ගෑනු වෙසින් ආපු යක්ෂණියක් එක්ක

    • Amda says:

      මොනව උනත් කොහෙවත් ඉඳල ආපු සරණාගතයෙක් කොහොමද පක්ශ නායකයෙක් ගැන කතා කරන්නේ…කෝ මේ කැපුවත් කොල පාට එවුන්??? 😀 😀

  2. Nim says:

    HORUTH SAMAGA HELUWEN
    MULU RATEEMA JAYAWEWA
    KIYANADE NAYAKATH WAYA HA
    KUTTI WALATA YATA WUNA
    KATTIYATA NOPENEEMA
    THAMA PUDUME?

  3. JANA says:

    Hirunika kawda RW pannanna.Hirunika UNP une kawadada. Ara Lucky sahodarayata thibuna adarayath
    MR udawwen parlimenthu giya Hirunika issellama balanna ona eya kauda kiyala.
    RW yanna ona,habai Hirunika wage awasthawadi piyaru babala kiyana nisa nemei.Meethotamulle kedawachakaye meya koheda hitiye.Ekama ethi meya gana managanna.

  4. Lahiru says:

    Vinaya pareekshanaya hirunikaata newai agamethita erahiwa mulinwa teeranayak gandaweavi! Hirunikaata pera kiyaapu aya nidosda?mona saadaranayak da Honda gathogina aya pakshayea nidida?karunaakara siyalu paakshiyan elembana dang Honda nakathak elambilaa! Haki ikmaning pakshaya bearagmuda?

  5. සීගිරි says:

    මේ තකතිරැවන්ට නැවත නැවතත් තමන්ගේ නායකයන්,පාලකයන් වන්නට ඉඩ තබනවාද යන්න ජනතාව තීරණය කල යුතුය….
    හොරකමෙන් දූෂණයෙන් මැර කමෙන් පිරි සදාචාරයක්,ලැජ්ජාවක්,බයක් නැති උන්ට මිලියන ගණනක් ජනතාවට නායකයන් පාලකයන් වන්නට ඉඩ හරින මේ චන්ද ක්‍රමය,පාර්ලිමේන්තු ක්‍රමය තව දුරටත් පලක් වේද යන්න ජනතාව තීරණය කල යුතුය…

  6. David Milli-banda says:

    Yahapalana baiscope …. apith ravatila bala innawa.
    Hirunika ranilta kottayak dunna nam honda “bola” rest karanna.

  7. මෙට්ට අරන් වරෙල්ලා - කෝෂ ගනිමු. says:

    මෙට්ට අරන් වරෙල්ලා – මෙට්ට අරන් වරෙල්ලා – කෝෂ ගනිමු.මෙට්ට අරන් වරෙල්ලා – කෝෂ ගනිමු. ඩිෆෙන්ඩර් රෙඩි මැඩම්.

Main News