හිරු බලයේදී ගම්මන්පිල බ‍්‍රහ්මායුදයෙන් ගහයි.. සිහිවිකල් වූ එජාප මන්ත‍්‍රී ඩබල පිස්සු කෙලී.. විපක්‍ෂය නැගිට යන්න හදයි..[Video]

March 31, 2017 at 10:04 pm | lanka C news
හිරු බලයේදී ගම්මන්පිල බ‍්‍රහ්මායුදයෙන් ගහයි.. සිහිවිකල් වූ එජාප මන්ත‍්‍රී ඩබල පිස්සු කෙලී.. විපක්‍ෂය නැගිට යන්න හදයි..[Video]

හිරූ රූපවාහිනියේ පැවති බලය වැඩසටහනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකල ප‍්‍රබල මත දැක්වීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනා දැඩි විරෝධය පල කිරීමත් සමග වැඩසටහන සම්පුර්ණයෙන්ම පාහේ පාලනයෙන් තොර තත්වයට පත් විය.

මොහන් පීරිස් අගවිනිසුරුවරයා ඉවත් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් බවත් එය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාව කැඞීමක් බවත් ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නද එය පිලි නොගනිමින් එජාප මන්ත‍්‍රීවරුන් දෙදෙනා දිගින් දිගටම බාදා කරන්නට විය.

ජනාධිපතිවරයාද පෙබරවාරි 16 වැනිදා උත්සව සභාවක් අමතමින් කියා සිටියේ තමන් විසින් හිටපු අගවිනිසුරුවරයා ඉවත් කල බවයි.

එමෙන්ම මොහොන් පරීස් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 2015 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී දැඩි විවාදාත්මක තත්වයක්ද ඇති විය.

බලය වැඩසටහනට පැමිණි සිටි නලින් බණ්ඩාර හා මුජිබර් රහුමන් එජාප මන්ත‍්‍රීවරුන් දිවුරමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් එවන් දෙයක් සිදු නොකල බවයි.

ධුරයෙන් ඉල්ලා අස් නොවූ මොහාන් පීරිස් අගවිනිසරුවරයා ධුරයෙන් ඉවත් කල ක‍්‍රමවේදය කුමක්දැයි පැහැදිලි කිරීමටද ඔවුන් දැන සිටියේ නැත.

එකල වාර්තා පල වූයේ ජනාධිපතිවරයා විසින් යවන ලද ලිපියක් මගින් මොහාන් පීරිස් අගවිනිසරු ධුරයෙන් ඉවත් කරන ලද බවකි.

බලය වැඩසටහනේ අදාල වීඩියෝව මෙතනින්

ජනාධිපතිවරයා විසින්ම ඒ බව කියන වීඩියෝව මෙතනින්
2015 ජනවරියේ පාර්ලාමේන්තුවේ ඇති වූ විරෝධය මෙතනින්

74 views
Main News