හිරු සලකුණේදී පාච රණවකගෙන් පච වැලක්..
July 3, 2018 at 12:02 am | lanka C news
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා මෙසේ අදහස් පල කලේය.
පා ච රණවක ඇමතිතුමා මෑතක දී හිරු ටීවී සලකුණ වැඩසටහනට සහභාගි වී බොරු ගොඩක් කීවා. ඒ පච රටට හෙලි කිරීම ඒවා පච බව දන්නා අපේ යුතුකමක්. පුංචි ඡන්දයේ දී ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයින් 45ක් ජයග්‍රහණය කළා කියලා පා ච රණවක ඇමතිතුමා කියනවා. නමුත් ඇත්තෙන්ම දින්නේ තුනක් පමණයි. ඒ සීතාවකපුර නගර සභාව, ගම්පොල නගර සභාව සහ ලාහුගල ප්‍රාදේශීය සභාව යන ආයතන වල තරග කළ අපේක්ෂකයින් පමණයි. ඒ නිසා මැතිවරණය ජයග්‍රහණය කළ අපේක්ෂකයින් 45 දෙනාගේ නම් සහ ඔවුන්ගේ පළාත්පාලන ආයතන නම් කරන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කරනවා.
එතුමා කියන විධියට පොරොන්දු වුණු පරිදි හොරු අල්ලන්න බැරි වුණේ අධිකරණය දූෂිත සහ මන්දගාමි නිසාලු. අපි නම් ඒ කතාව පිලි ගන්නේ නෑ. ඒ කතාව ඇත්ත නම් කවුද ඒකට වග කියන්න ඕනෑ? එතුමා ද සාමාජිකයෙකු වන ව්‍යවස්ථාදායක සභාව හැර වෙන කවුද? අද සිටින නීතිය නමන පොලිස්පති, නීතිපති වගේම අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ වල විනිසුරුවරුන් බහුතරයක් පත් කර තිබෙන්නේ ව්‍යවස්ථාදායක සභාව. අනෙකුත් විනිසුරුවරුන් පත් කරන අධිකරණ සේවා කොමිසම පත් කලෙත් ව්‍යවස්ථාදායක සභාව. අධිකරණය දූෂිත හෝ මන්දගාමි කියලා පේනවා නම් ඒ වගකීම භාර ගෙන ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් වෙන්න කියලා අපි පා ච රණවක ඇමතිතුමාට යෝජනා කරනවා.
විප්ලවීය වැඩපිලිවෙලක් ඉදිරිපත් කළොත් 2019 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ට සහයෝගය දෙනවාලු. දැන් එතකොට 2015 දී “මාස හැටෙන් අළුත් රටක්“ කියලා රනිල් මහත්තයා ඉදිරිපත් කලේ විප්ලවීය වැඩපිලිවෙලක් නොවේ ද? ඒ වගේම 2001 දී “ජනතාව සමග මගේ සම්මුතිය“ කියලා ඉදිරිපත් කලේ විප්ලවීය වැඩපිලිවෙලක් නොවේ ද? රනිල් වික්‍රමසිංහ හැමදාමත් ඉදිරිපත් කලේ විප්ලවීය වැඩපිලිවෙලවල් තමයි. නමුත් වැඩ බැරි රනිල්ට ඒවා කවදාවත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ප්රශ්නය තිබෙන්නේ වැඩපිලිවෙලේ නොවේ. ඒක ක්‍රියාත්මක කරන්න භාර දෙන රනිල් මහත්තයාට වැඩ බැරි එකයි. .
තමන්ම දොන් ජුවන් ධර්මපාල කියපු රනිල්ගේ 31ක් වන පරාජය පෙනී පෙනීත් ජනපතිවරණයේ දී ඔහුට සහය දෙනවා කියලා පා ච රණවක ඇමතිතුමන් ප්‍රකාශ කිරීමෙන් පේන්නේ ගනුදෙනුව හරියට වෙනවා නම් රනිල් නොවේ ප්රභාකරන්ට වුණත් සහය දෙන්න එතුමන් සූදානම් බවයි.
– අරවින්ද අතුකෝරල
Adhikaranayata apahaasa kireeme chodanaven, Vivasthadayaka sbhave saamaajika Paa Cha Ranavakata Haamuduruvanta saha thava kavudo amethiyekuta nathi mukthiyak thiyenava vage.
methumage golaya wana Amarapala ge dollar Million 08 k Mosaic Fonseka banka Panama wala thiyanawa .
ayi egana prashna nokaranne ??
අනාගතයේ මහජන මුදලින් රට කෑමට බලාසිටින පීසාචයන්….
janapathi sihina dakina pissekk
ඇත්තනෙ නීතිය මන්දගාමී නොවුනනම් මුලින්ම හිරේ පාච. ගල් අගුරු වන්චාවට සහ සන්දීප් හප්පලා පලාගියාට.
Ko appa ara deyak thumiyata senehe pa pivithuru hamuduruwo…