හිරේ ඉන්න බෑ.. රාජිත අදම ඇප ඉල්ලයි.. බස් කබලෙන් මීගමු ගිහින් කොන්දේ අමාරුව හැදිලා..

May 14, 2020 at 2:10 pm | lanka C news
හිරේ ඉන්න බෑ.. රාජිත අදම ඇප ඉල්ලයි.. බස් කබලෙන් මීගමු ගිහින් කොන්දේ අමාරුව හැදිලා..

තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කිරීම කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ද ඔහු එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

හිටපු අමාත්‍යවරයා මේ වනවිට දෙසතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ඔහු කොළඹ සිට මීගමුව දක්වා බන්ධනාගාර බසයෙන් රැුගෙන යාම නිසා කොන්දේ අමාරුවක් ඇති වී තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

පෙර පැවති යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිටියදී ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ සුඛෝපභෝගී වාහන නොමැතිව ඇමතිවරුන් ගමන් ගියහොත් කොන්දේ අමාරු සෑදෙන බවයි.

464 views
Main News