හිරේ ඉන්න රන්ජන්ට තවත් දඬුවම් ලැබීම මහින්දානන්ද අඩු කරයි..

March 31, 2021 at 6:45 pm | lanka C news
හිරේ ඉන්න රන්ජන්ට තවත් දඬුවම් ලැබීම මහින්දානන්ද අඩු කරයි..

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

2016.06.21 වන දින එවකට රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී මාදිවෙල නිල නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් රන්ජන් රාමනායක මහතා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මහින්දානන්ද අලුත්ගමගේ පහරදීමක් හා ඝාතනයකට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයක් දමාගොස් ඇති බවට චෝදනා කළා.

ඒ තුළින් සිදුවූ උපහාසයට මිලියන 500ක් වන්දි ඉල්ලා, නුගේගොඩ අධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා. එම නඩුව අද සමථයකට පත්කර ගනිමින්, ඉල්ලා අස්කර ගැනීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගත්තා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සිය කණගාටුව ප්‍රකාශ කළා.

අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ( 2016.06.21 රන්ජන් රාමනායක මාධ්‍ය හමුවක් තියලා මම පහරදීමක් හා ඝාතනයක් සම්බන්ධ ඩිෆෙන්ඩරයක් දමා ගොස් ඇති බවට අභූත චෝදනාවක් කළා.) එදාම හවස ඒ ආණ්ඩුවේ ක්‍රීඩා රාජ්‍ය ඇමති ඇවිල්ලා කිව්වා, රන්ජන් රාමනායක අමතිතුමාට වැරදිලා ඒ ඩිෆෙන්ඩරය එතුමාගේ කියලා. මේ චෝදනාවෙන් මට විශාල අපහාසයක් වුණා. මම මිලියන 500ක් වන්දි ඉල්ලලා නුගේගොඩ අධිකරණයේ නඩුවක් දැම්මා. අවුරුදු 4ක් ගත වුණා. මේ වනවිට නඩුව විභාගයට ගැනීමට නියමිතව තියෙන්නේ. මම දැක්කා පිරිසක් එකතු වෙලා රන්ජන් රාමනායක මහත්තයා නොමග යැව්වා. දැන් හිරේට ගිහිල්ලා දුක් විදිනවා. එතුමාට අද කවුරුත් නෑනේ. එතුමා දුක් විදින්නේ වෙන පිරිසකගේ උවමනාවට නොමග ගිහිල්ලා.

ඒ නිසා මම හිතුවා, එතුමාට සමාව දෙන්න ඕනේ කියලා. අද රන්ජන් රාමනායක මහත්තයා අධිකරණය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළා. ඒ අනුව මම නඩුව ඉල්ලා අස්කර ගත්තා. අපි දේශපාලනයට ඇවිත් ඉන්නේ එක එක්කෙනාගෙන් පළිගන්න නෙවෙයි. ජනාධිපතිතුමාටත් මම අද උදේ මේ ගැන කිව්වා. එතුමා කිව්වා, අපි පළිගන්න ඕනේ නෑ කාගෙන්වත් කියලා. රන්ජන් රාමනායක මහතා ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ මාව හිරේ දාලා නඩු දාලා මට කරන්න තියෙන සියලු කරදර කළා. මට වැඩියෙන්ම ගැහුවේ රන්ජන් රාමනායක මහතා. අද මට වැඩියෙන්ම ගහපු මිනිහටත් මම සමාව දුන්නා. මගේ නඩුව විභාග වුණා නම් අද හිරේ ඉන්න රන්ජන්ට තවත් දඬුවමක් ලැබෙනවා.ඒ නිසයි මම සමථයකට පත්කර ගත්තේ. දේශපාලන පළිගැනීම් කරන්න එපා කියන පණිවිඩය මම මේකෙන් සියලුදෙනාට දෙනවා. මට වැඩියෙන්ම ගහපු වැඩියෙන්ම කරදර කරපු රන්ජන් රාමනායක මහතාට මම සමාව දුන්නේ ඒ ආදර්ශය ඒ මේ රටේ දේශපාලනයට දෙන්න.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය : –

ජනාධිපතිතුමා ලවා ජනාධිපති සමාවක්වක් දෙන්න අදහසක් තියෙනවාද?

පිළිතුර : – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ –

ශ්‍රේෂ්ඨාධිකරණයේ රන්ජන්ට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් 103ක් හිටියා. නඩුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහත්තයා සාක්ෂි ගත්තේ තුන් දෙනෙක්ගෙන් විතරයි. 103න්ම සාක්ෂි ගත්තා නම් රන්ජන් මහත්තයාට සාධාරණයක් ඉටු වෙන්න තිබුණා. ඒ සුමන්තිරන්ට ඕන වුණේ රන්ජන්ව හිරේ දාලා, ඒක ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙන්නලා වාසි ගන්න. ඉතින් ඒ උවමනාවට රන්ජන්ට හිරේ යන්න වුණේ. අද රන්ජන් ඒ ගැන පසුතැවිලි වෙනවා. අද රන්ජන්ට කවුරුත් නෑ. දුක් විදිනවා.අසරණ වෙලා ඉන්නවා. මම බලාපොරොත්තු වෙනයා ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ගේන්න, රන්ජන්ට සාධාරණයක් කරන්න කියලා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය : – අඩු මිලට හාල් දෙන්න පුළුන්ද?

පිළිතුර : – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

සමුපකාර ප්‍රාදේශික 2500ක් සතොස 454ක් හා සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් 4000ක් මඟින් රුපියල් 97ට නාඩු, 93ට සුදු හා රතු කැකුළු ලබා දෙනවා. ( අප්‍රේල් 01 සිට) ඒ සඳහා සියලු තොග යවා අවසන්. හාල් මාෆියාවට ගහන්න ජනාධිපතිතුමා මට භාර දුන්නා. මම ඒක කළා. මම මේක නොකළා නම් අලුත් අවුරුද්දේ බත් කන්න වෙන්නේ රුපියල් 115ට. ඒක අපි නැවැත්වුවා.ගොවියාත්, පාරිභෝගිකයාත් සූරා ගෙන කන තුන්වන පාර්ශවයේ මාෆියාවට අපි ගැහුවා. බඩඉරිඟු මාෆියාවටත් අපි ඊළඟට ගහනවා.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය : පොල්තෙල් ප්‍රශ්නය ගැන මොකද කියන්නේ?

පිළිතුර : – අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

ආණ්ඩුවට බැනලා වැඩක් නැ. පොල්තෙල් ගෙනල්ලා තියෙන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. ඒ පොල්තෙල් ප්‍රතිඅපනයනය කළා. ඒ පොල්තෙල් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා නම්, ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවා. අවුරුදු 05ක්ම මේ රටේ වංචාවන් හැංගිලා තිබුණේ. අපි ඒ වංචාවල් අල්ලනවා. ඉතින් ආණ්ඩුවට ඇගිල්ල දික්කරලා වැඩක් නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ වංචාවල් අල්ලගෙන, හොයාගෙන දඬුවම් දීගෙන ජනතාව අපේක්ෂා කරපු දේවල් මේ කරගෙන යනවා.

– සුජිත් විතානපතිරණ

30,950 views

10 Comments to “හිරේ ඉන්න රන්ජන්ට තවත් දඬුවම් ලැබීම මහින්දානන්ද අඩු කරයි..”

  1. මී හරක්ලාගේ දියවන්නා says:

    අනේ මුන්ගේ ඇමතිකම්. දැන් සතොසෙන් රතු කැකුළු දෙන්නේ 89 ට.

  2. ඔන්න ඇත්ත..!😂😂 says:

    හිරේ ඉන්න රන්ජගේ ගුද මාර්ගය හිරවෙලා ඔන්න අද අතටම අහුවෙලා මොකක්ද හේතුව කියලා….
    බැලින්නම් … ඩිජිටල් පෝන් එකක් ඒක අස්සෙ ගහගෙන ඉඳලා… ඔන්න ඇත්ත..!

  3. මවුබිමේ හෙට දවස වෙනුවෙන් says:

    රටම කතාකරන උසස් පොලිස් නිළධාරී එරික් පෙරේරා මහත්මයා සමාජයට දුන් පණිවිඩය
    https://www.youtube.com/watch?v=SOK5GmOkosI

  4. Dilshan says:

    එකක් කියනනම් තමුන්ට ඔය කුණු සතා ගැන අනුකම්පාවක් ඇති නමුත් මේ රටේ බෞද්දයට, සිංහල සංස්කෘතියට, උසාවියට මේ මිනිහ කරපු හානියට අපි මේ අවලන් සතාට සමාව දෙන්නේ නා. එනිසා කරුණාකර මුව නිදහස කරන ලැහැස්තිවෙන්න හදනන එපා ආයේ නා පවුල් පිටින් පරාද කරනවා

  5. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඔයාගේ නඩත්තු නඩුවට මොකද වුනේ කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  6. රන්ජා says:

    ඔයත් බේරිලා ඉන්නේ සිරිසේන රනිල් යහපාලනය නිසා.මහ බැංකු මංකොලය =සීනි වංචාව

  7. Sumudu says:

    ගොන්ජට වැසිකිලි යන්න බැරුව අඬනව නම් බෑක් සයිඩ් පාරක් දීල සෙල්ෆියක් ගහපං අලුත්ගමගේ වෙදෝ

  8. kalana says:

    Para ballan… Shrangila Hotal Ayithi kaaraya thope rajapaksha lokkage, Jaathiyata Cancer hadawanna genaapuwa.

  9. Anura kumara says:

    Aluthgamage one of the most corrupt in the country. A criminal trying to safeguard another criminal. One of the most uneducated and corrupt men trying to change the judgement given by learned supreme court judges is a crime. This man too may have used influence to get himself free of all cases.dont allow uneducated 8th standard politicians to interfere with the legal system. This bastard is trying to prove that Ranjan has not done anything illegal.

  10. Gotaimbara says:

    Thank you Mr Minister. I am proud of you.

Leave a Comment

Main News