හිරේ ඉන්න පාතාලයින් යොදා ඥාණසාර හිමි ඝාතනය කරවන උත්සාහයක්..

May 25, 2017 at 3:29 am | lanka C news
හිරේ ඉන්න පාතාලයින් යොදා ඥාණසාර හිමි ඝාතනය කරවන උත්සාහයක්..

සිරගත කර සිටින පාතාල සාමාජිකයින් යොදවා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ ක‍්‍රියාත්මක බවට තොරතුරු ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් පොලිස්පතිවරයා වෙත බාර දෙන ලද ලිපියක මේ බව දැක්වෙයි.

පහතින් දැක්වෙන්නේ එකී ලිපියයි.

පොලිස්පතිතුමා .
පොලිස් මූලස්ථානය
කොළඹ

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන

බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ කර ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව අපට දැනගන්නට ලැබී ඇත..

මේ උදෙසා බන්ධනාගාර ගත පාතාල සාමජිකයින් යොදා ගෙන හෝ රාත්‍රී කාලයේ ගමන්කරන විටක අන්‍යාගමික ප්‍රදේශයක කලබලයක් ඇති කර ජීවිත තර්ජනයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවට අපට තොරතුරු ලැබි තිබුනි..එම තොරතුරු වල යම් සත්‍යතාවයක් ඇති බව අපට පෙනී යයි.

සිය අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර උපකාර ලබන අන්තවාදීන් විසින් මෙම උත්සහා ගනු ලැබිය හැකි බවත් ඒ උදෙසා රජයට සම්බන්ද පිරිස් මෙන්ම විපක්ෂයේ පිරිස් ද සිටින බව අපගේ විශ්වාසයයි..

මේ මගින් රටේ පවතින තත්වය තවදුරටත් භයානක තත්වයකට පත් විය හැකි බැවින් මේ.පිලිබඳ පරීක්ෂා කරන ලෙසත් ,එම හිමියන්ගේ ආරක්ෂාව පිලිබඳව කටයුතු කරන ලෙසත්, ඔබගෙන් ඉල්ලා සිටිමු.

පසුගිය රජය කාලයේදී ද මෙවනි ජීවිත තර්ජන අපට තිබුණ බවද සදහන් කරමු.

මේ තත්වය තුල රජය නිසි පියවර නොගැනීමෙන් ඒ හිමියන්ට යම් අනතුරක් වුවහොත් ඒ පිලිබඳ වගකීම ජනාධිපති ,අගමැති ප්‍රමුඛ රජය විසින් ගතයුතු බව අප විසින් දැනුම් දෙමු..

ස්තුතියි
තෙරුවන් සරණයි

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

99 views
Main News