හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි..

December 6, 2019 at 10:12 pm | lanka C news
හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි..

තම ප‍්‍රතිපත්ති ප්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහාවූ කි‍්‍රයාමාර්ග කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවේදි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

එහිදි ජනාධිපතිවරයාගේ තිරණ අතර පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

තාක්ෂණය මුල්වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමුකිරිමේ ඇති වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරිමට කඩිනමින් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

2018 වසරේ උසස්පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටිකාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුව තිබේ. එමෙන්ම කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රමබලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරිම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගාසිටුවීමට කි‍්‍රයා කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්විය. ඒ සඳහා විශාල භූමිභාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටිකාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික කි‍්‍රයාවලියට එක්කර ගැනීමද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමටකි‍්‍රයා කළ යුතුය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව ද මෙහිදී සාකච්ජාවට ගැනිණි.

– ada

73,740 Viewers

14 Comments to “හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි..”

  1. SJ says:

    This is a great decision. We, the students of this country are thankful to our president!

  2. Dilshan says:

    We don’t need Shariya campus. This is a Buddhist country.

    • 🦁🦁🦁🦁🦁🦁 says:

      පින්කඳ අප ජනපති සැමට දී සරුව
      නැණ බෙල බලය පෙන්වල දී ගරුව
      නැගෙනහිර අඳුර දුරු කර දී තරුව
      එකම රටක සිංහ ධජ පන දී සරුව

    • නිමල් says:

      නැවත හොදින් කියවන්න. වලිගේ නොපාගෙන

  3. Sadda says:

    Honda theeranayak. Nevile fernando hospital eka anduwata gaththa vageda?

    • ahamadi says:

      eka gana ape suwapathi sir gen ahamud neda

    • නිමල් says:

      ලන්කාවේ හැම පුද්ගලික පාටමාලා තිබේනම් දොස්තර පාටමාලා ව තිබුනම මොකෝ

  4. Nim says:

    WESESTI
    JANADIPATHI THUMATA
    EDUCATION AKA GANA
    HODA DAKMAK THIBEEMA HA
    OHU WATAA WEDWATH MANDALAYAK
    SETEEMA SATHU TATA KARUNAK
    MAGEE RATATA
    SUBAMA SUBA
    ANAGATHAYAK, THERUWAN SARANI
    DEVI PIHITA I

  5. අනුර කුමාර says:

    හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා විදුහල රජයට පවරා ගැනීම දැඩිලෙස ඉතාම පිළිකුල් සහගතව හෙලාදකිනවා මෙය
    ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කල මරුපහරක් අපට අවශ්‍ය මේ රජය නිවරදි මාවතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක කොටුකරගැනීමටයි

  6. Lanka says:

    Please put in to action without any delay. This will help many low income families to give best education for their children. Rich people have abilities to send their children to abroad not everyone can afford to do so. Their many people get loans & selling their property so they can send children to abroad. All the best.

  7. නියමයි පට්ට එල බුල්ලා කපෝති…

  8. Alapaluwa says:

    ගොටභය මැතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි. පසුගිය දිනවල මාහට දිවයිනේ සැමතැනකම දකින්නට ලැබුනේ අපගේ එදිනෙදා කුණුකසල බැහැරකරවීමේ යෙදීසිටින කාර්යභාර  විලාශයටයි .මා මේ ක්‍රමය දකින්නේ ඉතාමත් අශෝබනලේස නගරමාධ්‍ය  අවලස්සන කරමින් මුළු පරිසරයම දුර්ඝන්ධයකින්  වපුරවමින් එයින් නික්මෙන දියරද පරිසරය අපවිත්‍රකොට ගෙනයන විලාශයයි.මෙම ක්‍රමය වහාම නැවැත්විය යුතුය මෙයට නිසික්‍රමාණවත් වැඩපිළිවෙලක් ඔබතුමාගේ රට ලක්ෂණ පිරිසින්දුව තබාගැනීමේ ක්‍රියාන්විතයට අනිවාර්යෙන්ම  එක්විය යුතුමය.මෙයින් අපි බැහැරවිමටනම් කලයුත්තේ මෙපමණයි. ප්‍රථමයෙන්  මේ කුණුකසල වර්ගකරණය කළයුතුයි.එදිනෙදා ඉඳුල්වැනිදේද, ඝන ද්‍රවයමයද, විදුරුවැනිදේද වෙන වෙනම අඩංගු කළයුතුයි මෙය අනිවාර්ය කළයුතුයි .එයට ඍජුව ජනතාවද අවංකභාවයෙන් මේ  ක්‍රියාදාමය පිළිපැදිය යුතුයි.එනම් ඉඳුල් වැනි දෑට විදුරු,ප්ලාස්ටික්,සහා  ඝනද්‍රවයමය එකතුනොකට අවංකභාවයෙන් ඒ ඇසුරුම්වලට ඒ ඒ දේ එකතු කළයුතුයි. තවද මේ සඳහා සියලුම නිවැසියන් වර්නයෙන්යුතුව Plastic Bin ඇසුරුම් තබාගත යුතුවන්නේය.තවද එවැනි අපවිත්‍ර දේ ගෙනයාමට නිසි රථද යෙදවීම අනිවාර්ය වියයුතුය.නැතිව tractor වැනි සියලු ද්‍රව්‍යමය ප්‍රදර්ශණය කරමින් මහාමාර්ගයේ දෙපස  ගමන් කරමින් සිටින සියළුදෙනාටම දුර්ගන්ධය අශ්වර්ශකරමින්යන මේ  ක්‍රියාව ඔබතුමාගේ නව ඉදිරිදැක්මේ වැඩපිළිවලට එකතු කරගන්නා මෙන් ඉතාමත් ගවුරවයෙන් ඉල්ලා සිටිමි.තවද මෙම ක්‍රියාදාමය ඔබතුමාගේ පාළනයෙන් ඉතාමත් කරයි යන විශාල බලාපොරොත්තුවෙන් මේ වචන ටික මම ලිය තබමි.ඉස්තුතියි.මෙයට ලක්දෙරණට කවදත් අදරැති  Alapaluwa  

  9. sathya says:

    Excellent decision. Implement it immediately.

  10. samantha says:

    ගෝටාට දුන්නා කියන්නෙ ඉතින් ඉවරයක් බලන්නම වෙනවා. අරුන් අවුරුදු ගණනකින් ගත්තු නැති තීරණ සුමාන 3න් අරගෙන ඉවරයි. හැමෝම බලා ඉන්නෙ වැඩ කරන්න. ඇත්තටම ඉන්න හිතෙන රට හැදෙන්නෙ මහ මැතිවරණයෙන් පස්සෙ. ගෝටාට ඕන බලය දෙන්න. නිකම් බොරුවට පරදින යූ ඇන් පියට දෙන්න එපා. එක පාරක් දීලා බලන්න. බැරි වුනොත් ආයෙ පරණ කොළ ලේ වලින්ම දුවන්න.

Main News