හිස්බුල්ලාට ජනාධිපති විරුද්ද වේ.. ජනාධිපති නියෝගයෙන් කාත්තන්කුඩි වෙනම කලාපය නවතී..

May 28, 2019 at 10:00 am | lanka C news
හිස්බුල්ලාට ජනාධිපති විරුද්ද වේ.. ජනාධිපති නියෝගයෙන් කාත්තන්කුඩි වෙනම කලාපය නවතී..

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ නියෝගයකින් එම පළාතේ දෙමළ පාසල් වලින් කරන ලද සියළුම මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

ඒ අනුව නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් එම මාරු කිරීම් සියල්ල අවලංගු කර ඇත.

ආණ්ඩුකාර හිස්බුල්ලා නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල සේවය කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසැල් වලට මාරු කරමින් සිටින බවටත් කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන්නේ ඇයි දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජනාධිපතිවරයා එම ස්ථානමාරු වහාම අවලංගු කර ඇත.

මේ තත්ත්වය මත මුස්ලිම් පාසැල් තිහක් එක්කරමින් කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කළාපයක් පිහිටුවීමට ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවද වාර්තාවේ.

39 views

20 Comments to “හිස්බුල්ලාට ජනාධිපති විරුද්ද වේ.. ජනාධිපති නියෝගයෙන් කාත්තන්කුඩි වෙනම කලාපය නවතී..”

  1. LION says:

    ” ඔට්ටමවාදී නගරයේ ඉඩම මම බලය අවභාවිතා කරලා ගත්තේ නැත්නම් හින්දු අය කෝවිලක් හදන්න තිබුන එතන, ඒක හින්දු කෝවිලට අයත් ඉඩමක්, මම දිස්ත්‍රික් සමබන්ධිකරන කමිටුවේ සභාපති හැටියට තිබුන බලය අවභාවිතා කරලා ඒක පවරා ගත්තා, එදා මම ඒක බලෙන් ගත්තේ නැත්නම් ඔතන තියෙන්නේ කෝවිලක් ” ආණ්ඩුකාර හිස්බුල්ලා

  2. PissuBulla says:

    For how many days? If somebody violates the law of the country, he should be chased out whatever the position he/she holds.

  3. kumdhar says:

    20 වැනි ව්‍යවස්ථා සංශෝදනය අනුමත වෙලා තිබුනානම් මෙවැනි නීති විරෝධී නියෝග ජනාධිපති තුමාට අවලංගු කිරීම් කරන්න බැහැ !!!

  4. Jayantha says:

    Ella Kolla , are you coming from a cow family?

Main News