හිස්බුල්ලා අධිකරණය නමයි.. තමනට අවශ්‍ය තීන්දුව නොදුන් විනිසුරු මාරු කර අලුත් විනිසුරු ගෙන්වාගෙන අවශ්‍ය තීන්දු ගත් බව කියයි..[Video]

May 22, 2019 at 10:11 pm | lanka C news
හිස්බුල්ලා අධිකරණය නමයි.. තමනට අවශ්‍ය තීන්දුව නොදුන් විනිසුරු මාරු කර අලුත් විනිසුරු ගෙන්වාගෙන අවශ්‍ය තීන්දු ගත් බව කියයි..[Video]

තමනට අවශ්‍ය තීන්දු ලබා නොදුන් නිසා විනිසුරුවරයා මාරු කිරීමක් කර විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බව වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සඳහන් කර තිබේ.

සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් මහතා ‘ටෝක් විත් චතුර’ වැඩසටහන් සමඟ එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කලේය.

එකී ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඔහු වීඩියෝ පටයක් ද එහිදී ක්‍රියාත්මක කර පෙන්වීය.

‘විනිසුරුවරු මාරු කරන්න පුලුවන්ද.. ඒක අමාරු නේද.. මම විනිසුරුව මාරු කළා. ඉක්මනට විනිසුරු විනිසුරු මාරු කලා.. අපිටම තීන්දුවක් දෙන විනිසුරුව ගෙන්නලා දැන ලියන්නකෝ තීන්දුව’ යයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝවේ දැක්වින.

45 views

14 Comments to “හිස්බුල්ලා අධිකරණය නමයි.. තමනට අවශ්‍ය තීන්දුව නොදුන් විනිසුරු මාරු කර අලුත් විනිසුරු ගෙන්වාගෙන අවශ්‍ය තීන්දු ගත් බව කියයි..[Video]”

  1. බන්ඩා says:

    දැක් තේරෙනව නේද යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය: ඥාණසාර හිමි හිරේ බෝම්බ හදපු උන් බේරපු උන් එලියෙ

    • herath says:

      අලුත් අගවිනිසුරැවරයාට වසර 05කට වැඩි කාලයක් අගවිනිසුරැ ලෙස කටයුතු කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට වසර 05යි. ජනාධිපතිට වසර 05යි. කලු සුද්දන්ගේ ඒකාධිපතිවාදය දැන් බලා ගන්න පුළුවන්

    • ඇත්ත says:

      ජනාධීපති නීතිඥවරැ ඇතුළු කලු සුද්දන් හැමදාම කරන දේ හිස්බුල්ලා කළහම මොකද වෙන්නේ….

    • හරීන් says:

      විරුවන් සහ භික්ෂූන් හිරේ….බෙදුම්වාදීන් සහ වහබ්වාදීන් නඩුකාරවරු වෙලා…

  2. හිච්චිමහත්තෙයා says:

    බඩුම තමයි ඕයි!
    දැං අපෙ කලතා දේවි තුමී මක්ක කියන්නෙයි?
    සුපිරං කෝටුවෙනිවත් කැඳවාල මක්කවත් කොරාවිද?

  3. Disce ammata discede says:

    ජනාධිපතියත් ඉතින් ඒජාතියෙ එකෙක් තමයි.

  4. Ravi says:

    යන්න වෙන රටවල් හොයගනිල්ල

    • රජින්ද says:

      කොහෙවත් යන්නේ මොකටද බොලව්… මේක අපේ රට..!! නැගිටගෙන සිහි බුද්ධියෙන් ඉදපල්ලා…. මාතෘ භුමිය වෙනුවෙන් අපි හැමෝම මේ රැය පහන් කල යුතුමයි. අපේ කොල්ලෝ එදා කොටින්ට කෙලෙව්වේ අත්බෝම්බ බැදගෙන කොටින්ගේ බංකර් වලට පැනලා උනුත් මරාගෙන මැරිලයි.. දැන් මේ ගේම ගහන්න ඕන 100%ක්ම මොළෙන්. ඉවසගෙන ඔහොම ඉදපල්ලා… මුළු සිංහල ජාතියේම මහා බලගතු මන්ත්‍රය අපි දැන් ජපකළ යුතුයි. සියළුම පාළකයින් දැන් අපි නැටවිය යුතුයි. හැම තත්පරයකම දේශපාලුවන්ට එරෙහිව කතා කරපල්ලා… උන්ව ප්‍රතික්‍ෂේප කරපල්ලා… එහෙම ගියහම අන්තිමට අපිට ඕන එකා ඉස්මතු වෙනවා සත්තයි.!

      • Independent Buwa says:

        අනිවාර්යයෙන් ….. තාම දේශපාලකයන්ට කඩේ යන එවුන් දැන්වත් ඔළුව පාවිච්චි කරපියව්….

  5. Sun says:

    From the top of the supreme cabinet authorities are used to disobey the legislation of the country. Nobody is setting examples to future generations. Look at the world leaders who sacrificed to develop countries rathr than dragging taxpayers money from banks. They know their destiny and continuing to carry their Kamma during and after this life. That is the implications of natural law.

  6. මාතර සුනිල් says:

    අර ඔක්තෝ. 26තීන්දුව දීපු හත් කට්ටුව ගැන දැන් මොකද හිතන්නේ. ඒ හත් දෙනාගේ ඇමෙරිකන් සංචාරය, එයාලගේ ගිණුම්, විදේශ වත්කම් හොයල බැලුවොත් දැනගන්න පුළුවන් ඒ අය ගැන. එයාලත් ඔයිට වෙනස් නැහැ. ඉදිරි ආණ්ඩුවකින් මේ ගැන හොයල දඩුවම් කරන්න ඕන.

  7. Banda says:

    අධිකරණය යනු කලු සුද්දන්ට ඕන එකා ඇතුලටත්….එළියටත් දාන් වීදි කාන්තාවක්ද?

  8. Dev says:

    Respect Mr .Arunkanthan
    You are a greate person

Main News