හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

June 2, 2019 at 10:08 pm | lanka C news
හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

අස්වීමේ ලිපිය ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද ජනාධපතිවරයා එය පිලිගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් අද පවත්වා ඇත.

ඉදිරි පැය කිහිපය ඇතලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හා ඇමති රිෂාඩ් බදියුදීන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට දලදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක් කරමින් සිටී.

43 views

14 Comments to “හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..”

  1. gothaya says:

    pana madi………………………………….

Main News