හිස්බුල්ලා නැගෙනහිර අන්තවාදීන්ට ආයුද දුන් බව හෙලි වේ.. ප‍්‍රබලයෙක් සාක්‍ෂි දෙයි..

September 14, 2020 at 3:24 am | lanka C news
හිස්බුල්ලා නැගෙනහිර අන්තවාදීන්ට ආයුද දුන් බව හෙලි වේ.. ප‍්‍රබලයෙක් සාක්‍ෂි දෙයි..

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා විසින් එම පළාතේ අන්තවාදී සංවිධාන සඳහා ආයුධ ලබාදුන් බව එම පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති එඩ්සන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ නැගෙනහිර පළාතේ සාමාන්‍ය වැසියන් ඊට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාට තිබූ ආණ්ඩු බලය හේතුවෙන් බවයි.

නැගෙනහිර පලාතේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී හිස්බුල්ලා, අතාවුල්ලා නසීර් අලි, බදියුදීන් ආදී ප්‍රසිද්ධ දේශපාලන නායකයන් එම කටයුත්තට විරුද්ධ වූ බවද ඔහු පැවසීය.

එම පළාතේ මුස්ලිම් කණ්ඩායම් ආයුධ සන්නද්ධව අන්තවාදය ප්‍රචාරය කිරීමට නැඹුරු වූ බවත් පසුව ඔවුන් මංකොල්ලකෑම් වැනි දේ සිදු කළ නමුත් ඊට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂක අංශයට පැමිණිලි කිරීමට ද බිය වූ බවත් ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

නැගෙනහිර පළාතේ ඇතැම් මාර්ගවල මැද කොටස ඉවත් කර ඒවායේ රට ඉදි ගස් සිටවූයේ හිටපු මහ ඇමැති හිස්බුල්ලාගේ මෙහෙයුමෙන් බවත් එම කාලයේදී ප‍්‍රදේශයේ පල්ලි ඉදිකිරීම වේගවත් වූ බවත් කාන්තාවන්ට කළු ඇඳුම් ඇඳීම වැඩි වූ බවත් ඔහු එහිදී හෙළි කළේය.

43,273 views

11 Comments to “හිස්බුල්ලා නැගෙනහිර අන්තවාදීන්ට ආයුද දුන් බව හෙලි වේ.. ප‍්‍රබලයෙක් සාක්‍ෂි දෙයි..”

  1. Boru Show says:

    (NATO) No action, talk only!
    Dan baila kiyuwata wedak naha, neethi virodi kriya sidu wuwanam/kalanam nam kawuru balapaam kalath thamange raajakaariya neethiyata anuwa kalayuthui. Ese nokalata mohuta viruddhawa neethiya kriyathmaka kala yuthui.

  2. බන්ඩා says:

    වහබි හෝ සලාෆි මතවාද පිළි නොගන්නා මුස්ලිමුන් 10% ක් වත් අද ලංකාවෙ නැහැ.

    • හෙලයා says:

      සහරාන්ලා ගේ අන්තවාදයට විරුද්ධ මුස්ලිමුන්ට අද මුස්ලිම් සමාජයේ තැනක් නැහැ.

      • CAT says:

        Why not arrest Hizbullah ? He is fanatic islam terrorist …Stop Feeding Terrorism with political benefits….Terrorism is not a challenge to a nation, it’s a challenge to humanity.

  3. GAMINI SENANAYAKE says:

    Do you know that all these thing were happened in 2008 , as per the evidence revealed in the commission. People must understand that all these fellows were with whom in that era. This officer had report all finding to his higher athority at that time. Why were not action taken?

  4. Kamal Italy says:

    Boru ශෝව් බූරු පුතානෝට පිළිතුරක් !! නිල ඇඳුමක් අඳින රාජ්‍ය සේවකයා තමන්ට ඉහලින් ලැබෙන නියෝග අනුවයි කටයුතු කල යුත්තේ, එහෙම නැතිව දෙමළ පිචර් වගේ තම තමන්ට ඕන ඕන හැටියට රාජකාරිය කරන්න බැහැ, තමුන් නොදන්නවා උනාට මුළු රටම දන්නවා පසුගිය රජයේ මෙවැනි අකටයුතු කම් සියල්ල සිදුවුනේ රජයේ ඉහලම තනතුරුවල ආශිර්වාදයෙන් බව. එතනදී පහල සේවකයින් අසරණ වෙනවා

  5. ක්‍රම වේදය මම දනිමි says:

    එදා පාස්කු ඉරිදා උදේ මෙයා සවුදියෙන් ආපු අය සමඟ හොර රහස් සාකාච්චා පැවතුවුවා, පසුව ඔවුන් විගස එදාම දිවයිනෙන් නික්ම ගියා, තව හොයන්න. සිරිසේන ගමරාල නේද හිස්බුල්ලාට ආරක්ෂාව දුන්නේ?

  6. රෝසි සේනාපතිරත්න says:

    ලංකාවේ කඩවසම්ම මිනිසා මේ හිස්බුල්ලා කියනවා නේද

  7. LANSA says:

    yes..government distributed weapon among the North and Eastern youth to protect their village from LTTE. Hizbullah was in government since 1989.

  8. Kalana says:

    Then will give him a ministry…

Main News