හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

November 17, 2021 at 10:40 am | lanka C news
හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

කිලෝ ග්‍රෑම් 12.5 ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000 අතර මිල ගණන් යටතේ කළු කඩ වෙළඳුන් අලෙවි කරමින් ඇත.

අන්තර්ජාල දැන්වීම් අඩවිවල ද 12.5 ගෑස් සිලින්ඩරයක මිල ගණන් දක්වා ඇත්තේ රුපියල් 15,000- 20,000 අතර මිල ගණන් වලටයි.

එමෙන්ම කිලෝ ග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 8000-12000 මිල ගණන්වලට අලෙවි කරමින් තිබේ.

ප්‍රධාන ගෑස් සමාගම් දෙකම තම සමාගම්වල ගෑස් සිලින්ඩර මාස කිහිපයක සිටම පාරිභෝගිකයන්ට අලෙවි නොකරයි.

ගෑස් හිගය ඇති වීමට පෙර සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන ලද්දේ රුපියල් 4250කටයි.

නමුත් ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය මත සමාගම් විසින් නව ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට විකිණිම අත්හිටුවා තිබේ.

42,845 views

5 Comments to “හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….”

  1. Sealoan says:

    අපි හැමෝම මිලියනපතියො(ලංකා රුපියල්) වෙන්නයි යන්නේ…………

  2. Jude perera says:

    Saubage dore yanawa

  3. ජුවානිස් says:

    මෝඩයෝ පිරුණු රටක විතරයි මෙසේ වෙන්නේ.
    හොරු රජ කරන්නේ මෝඩයෝ විතරයි !
    කහ ග්‍රෑම් 100 කීයද? ඒත් මෝඩයෝ මිලදී ගන්නවා !
    අයියෝ මෙහෙමත් රටක් !

    • Omalpe says:

      රු. 250/- යි සතොස. නියම සංස්ථා බඩු. ආර්ථික විද්‍යාව ඉගෙන ගනින් ටොයියො. ඉල්ලුම සහ සැපයුම. විවෘත ආර්ථිකේ ගෙනාපු ටොයියො නිසා තමයි අද ලෝක වසංගතයක් හමුවේ ඩොලර් නැතිව හිඟාකන්න වෙලා තියෙන්නේ. එදා ඉඳන් අපේ දේ වවන් කෑව නම් මෙහෙම වෙන්නෙ නෑ. පෝලිමුත් නෑ. සිරිමාවො එක්ක අවුරුදු 5ක් පෝලිමේ ඉන්න බැරි එවුන් දැන් අවුරුදු 40ක් තිස්සේ බඩු ගණන් ගණන් කියලා විඳවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

Leave a Comment

Main News