හුදෙකලා කල ප‍්‍රදේශයකින් කොරෝනා පොකුරක්…

May 15, 2021 at 2:26 am | lanka C news
හුදෙකලා කල ප‍්‍රදේශයකින් කොරෝනා පොකුරක්…

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු (13) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

හුදකලා කර ඇති නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වතු යායෙන්  මිට ප්‍රථම අසාදිතයන් 56 දෙනෙකු හදුනාගත් බවත්, ඉන් අනතුරුව හුදකලා කර ඇති එම ප්‍රදේශයෙන්ලබාගත් පි.සි.ආර් පරික්ෂණ 200 කින් නව අසාදිතයන් 30 හමු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 281 දෙනෙකු හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,008 views

2 Comments to “හුදෙකලා කල ප‍්‍රදේශයකින් කොරෝනා පොකුරක්…”

  1. John the baptice says:

    ඉන්දියාවෙන් හොරෙන් ආපු කල්ලතෝණි විය හැකියි ..ඔවුන්ගේ හැදුනුම්පත් පරික්ෂා කලයුතුයි

  2. Nandasoma Suriyaarachchi says:

    හුදෙකලා කිරීම කළ යුත්තේ රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට මිස, ව්‍යාප්ත වූ පසුව නොවේ…….!!

Main News