හෘද රෝගීන් කඩිනමින් බේරා ගැනීමට නව ඖෂධයක් ආනයනය කරයි..

February 5, 2017 at 5:30 pm | lanka C news
හෘද රෝගීන් කඩිනමින් බේරා ගැනීමට නව ඖෂධයක් ආනයනය කරයි..

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.

හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුලත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බෙිරාගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී ඇත. ඔිනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමෙි හැකියාව ඇත. දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකචිඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් සදහන් කරන ලද්දේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය ඇමාත්‍යාංශයේ පැවැති සාකචිඡාවකට එක්වෙමිනි.

හෘද රෝග සදහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීමෙි වැඩපිළීවෙල පිළිබදව මෙහිදි දිර්ඝ ලෙස සාකචිඡා කරන ලදි. එහිදී ස්ටෙන්ස් වෛද්‍ය සැපයුම අංශයෙන් ලබාදී නොමැති නම් දේශියව මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට මුල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. තවද රෝගීන් සදහා අක්ෂි කාච ලබාදීමෙි වැඩපිළීවෙලත් සාර්ථකව ක්‍රීයාත්මක කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවයා ඖෂධවල හිඟයක් නොපවතින බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවත් පැවැසීය.

ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීමෙන් රෝගීන්ගේ පැමිණීම වැඩිවී ඇති බව සංගමයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කරන ලදි.

තව ද කොළඹ ජොතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කිරීම පිළිබදව ද මෙහිදී සාකචිඡා විය. හෘද රෝග ඒකකය සදහා ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැඛෙන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබදව ද සාකචිඡා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දෙන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

2 Comments to “හෘද රෝගීන් කඩිනමින් බේරා ගැනීමට නව ඖෂධයක් ආනයනය කරයි..”

  1. ගොවිපුතා says:

    ඇමති තුමා නොමිලේ බෙහෙත් බෙද බෙදා වෙලාවේ මිනිස්සුන්ගේ හෘද රෝග නැති කරන්න දීර්ඝ කාලින විසදූමක් දුන්නොත් මොකෝ ..ඝොටාභය ඉන්න කාලේ අඩුතරමින් මිනිස්සුන්ට ඇවිදින්න දුවන්න joggin track දැම්මා ..බැසිල් අපි වවමු ව්‍යාපෘතිය හරහා එළවලු පලතුරු පරිභෝජනය ජනතාව අතරේ වැඩි කලා.

  2. Theek says:

    අඩෝ ගොවි නම්බා , හොද දේ , හොදයි කියපන් , ඔක්කොම politics කරන්න එපා

Main News