හෘද සැත්කම්වලට භාවිත කරන ස්ටෙන්ස්වල කිසිදු හිඟයක් නෑ..
January 25, 2017 at 2:09 am | lanka C news
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග සැත්කම් සදහා භාවිත කරන ස්ටෙන්ස් (හෘදය වස්තුවට රුධිරය ඇතුළු පෝෂක කොටස් ගෙනයනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවයන් මඟහැරවීම සදහා යොදාගනු ලබන උපකරණය) වල කිසිදු හිඟයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
දිනකට සැත්කම් 10 ක් පමණ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සිදු කරනු ලබයි. රෝගී ජනතාව වෙනුවෙන් මෙලෙස නොමිලේ ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව ද විශේෂඥ වෛද්‍ය ගෝඨාාභය රණසිංහ මහතා අවධාරණය කර සිටියි.
හෘද රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඇන්ජියෝ ප්ලාස්ටික් ශල්‍ය කර්මය(Angio Plastic Surgery) සදහා අවශ්‍ය ස්ටෙන්ට්ස්, රෝගීන් විසින් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන ශල්‍ය කර්ම සිදු කර ගැනීම මෙතෙක් පැවැති ක්රමෙවිදයයි. එම ක්‍රමවෙිදය වහාම වෙනස් කර අවශ්‍ය ස්ටෙන්ට්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට ඉහත දී පියවර ගනු ලැබීය.
– නිපුන් ඒකනායක