හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

November 18, 2021 at 8:02 am | lanka C news
හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන 17 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදාගැනේ. මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

අනුරාධපුර ඔයාමඩුව, සේනානායක මාවත, පදවිය, මහඉලුප්පල්ලම, එප්පාවල සහ තලාව පිහිටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර, කොමර්ෂල් පොහොර සමාගමට ලබා දෙයි. අනතුරුව කොමර්ෂල් පොහොර සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් ගොවි ජනතාව වෙත කාබනික පොහොර බෙදාහැරීම සිදු කරයි.

මෙම කාබනික පොහොර මෙට්‍රික් ටොන් එකක් කුඹුරු හෙක්ටයාරයකට භාවිත කළ හැක. පොහොරවල නිෂ්පාදන කටයුතු සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇසුරුම් මධ්‍යස්ථානවලදී හෝ නිෂ්පාදන මධ්‍යස්ථාන වලදී ගොවීන්ට දැක බලා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොර වල තත්ත්වය විමර්ශනයට ලක් කළේය.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරීක්ෂණ අවස්ථාවන්ට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍යඅංශය

30,580 views

8 Comments to “හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…”

  1. කුඹුරු කොටන මෝඩ බයියෙක් says:

    කුඹුරු කරන හැමෝටම හෙක්ටයාරය ගානේ ( අක්කර දෙක හමාර ගානේ ) තියෙනවද ?

  2. පින් පඩි රජයේ රැකියා කරන්නා says:

    ගොවි නියාමකල ගෙන් වෙන ප්‍රයෝජනය හොයන්න කාලේ හරි . කිසිම ගොවියෙකුට හරියට පණිවිඩයක් යවන්න බැරි පින් පඩි සෙට් එකක් තමා ගොවි නියාමකල කියන්නේ.

    ගොවීන් ව කිසිම විදියකින් දැනුවත් කිරීමක් නොකරන රටට බරක් වුනු පින් පඩි කාරයින්ගෙන් වැඩක් ගන්න ,ඔවුන්ට වගකීමක් දෙන්න,පසු විපරමක් කරන්න.

  3. Ship_Full_Of_Man_Dung says:

    චීන නෞකාව ගොඩබස්වා තිබේද?

  4. පරිප්පුවා says:

    මේ වැඩ කරන විදියෙන් පෙනී යන්නේ කාබනික කෘෂිකර්මය කරගෙන යන්නේ අඳුරේ අතගානවා වගේ ක්‍රමයටයි. කිසිම වැටහීමක් නොමැතිව ගොන් රැලක් තප්පුලනවා වගේ කාබනික කෘෂිකර්මය කරන්න හදන්නේ. මෝඩ කමට බෙහෙත් නොමැති බව තමා කියන්න තියෙන්නේ. මේ කාබනික කෘෂිකර්මයට අදාළ මූලික කරුනු ටික වත් නොදැන මොන නාඩගමක්ද මේ නටන්නේ.

  5. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    චීන නෞකාව ගොඩබස්වා තිබේද?

  6. මහා සාටක සුණඛ says:

    පුදුමයි මූ ඵතනට ගිහින් අර වෙනදා අහන ළදරු ප්‍රශ්ණ අහපු නැති ඵක…!!!
    නැත්තං අහයි දැන් මේ පෝර වලට මොනාද කරන්නෙ කියලා….

  7. මම තමයි හොඳටම කන්නේ says:

    පුදුමයි මූ ඵතනට ගිහින් අර වෙනදා අහන ළදරු ප්‍රශ්ණ අහපු නැති ඵක…!!!
    නැත්තං අහයි දැන් මේ පෝර වලට මොනාද කරන්නෙ කියලා….ලබ්බෙ ජනාධිපති මාධ්‍ය අංශය උන් මේ පඹයව කෙලින්කරන්න තටමන තැටමිල්ලක්…!

  8. බන්ඩා says:

    ඔය බලල තියෙන්නෙ රටේ යථා තත්වයද බලන්න අහන්න කැමති දේද?