හෙට අලුත් අගමැතිවරයෙක් සමග අලුත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හෙලි කරයි..

March 13, 2019 at 9:20 am | lanka C news
හෙට අලුත් අගමැතිවරයෙක් සමග අලුත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හෙලි කරයි..

අද (13) දින එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ක්‍රියා කළහොත් හෙට (14) දින නව අග්‍රාමාත්‍යවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

එම නිසා හැකි නම් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අද දින පාර්ලිමේන්තුවේදී පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියා වන නිසා ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැය ශීර්ෂය පරාජයට පත් කළහොත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඒ අනුව නව අගමැතිවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

තමන්ගේ වැය ශීර්ෂය පරාජය කරන කිසිදු විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් සමඟ ජනාධිපතිවරයාට යා නොහැකි බවත් එම නිසා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කිරීමට ජනාධිපතිතුමාට කිසිදු බාධාවක් නොමැති බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

82,240 Viewers

7 Comments to “හෙට අලුත් අගමැතිවරයෙක් සමග අලුත් ආණ්ඩුවක්..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හෙලි කරයි..”

  1. බන්ඩා says:

    ඩිලාන් නිකන් කටමෑත දොඩවනවා. 19 සංශෝධනය න් පස්සෙ පාර්ලිමේන්තුවෙ බහුතරය පෙන්විය හැකි අගමැති පැන්නීම ජනාධිපතිට කොරන්න බැරි වැඩක් බව දැන් තහවුරැ වෙලා ඉවරය්.

    • Bra Sira says:

      Fairy tales told by the Sirisena Clan to make the people asleep!

      Sirisena barks at the UNP to hoodwink MR but no intention to bite.

      • Critic says:

        Absolutely correct B.S. Now they’re trying to give lolipops to the mass.They think we’re fools.JO must kick them out sooner than later.

  2. chandarasena says:

    mun eka eka eka eka dewal kiyanawa. minissu mun passe anawa. rata winasawela.DESPALAKAYO RAJA SEPA WINDINAWA
    mehemakalakanni ratak mu thunlokayema netha nodokin mun 225

  3. කැලණියෙ දමියා says:

    සිංහ නාද අන්තිමට බලු කෙඳරි විතරයි. ජනාධිපති අයවැය පරදි කියන බයට තමයි ඔය කට්ටිය අයවැයට විරුද්ධව ඡන්දය නොදී මගහැර ගියේ.

  4. john the baptice says:

    මුන් දවල් හින දකිනවා ලැජ්ජයි

  5. Saman says:

    ඩිලන්ට 19ය අමතක වෙලා වගේ..
    .අයිත් අදිකරනයෙන් කන්න ඔනේවෙලා වගේ.

Main News