හෙට ඇමති සංශෝධනයෙන් පසු ජනාධිපති අලුත් දේශපාලන ගමනක් පිලිබඳ තද කතාවක්…

May 21, 2017 at 11:20 am | lanka C news
හෙට ඇමති සංශෝධනයෙන් පසු ජනාධිපති අලුත් දේශපාලන ගමනක් පිලිබඳ තද කතාවක්…

සඳුදා උදේ 8.30 ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන් වෙත ජනාධිපති ලේකම් විසින් දන්වා යවා ඇත. මීට අමතරව තෝරාගත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පැමිණෙන ලෙස දන්වා ඇති බැව් වාර්තා වේ.

මෙහිදී අනිවාර්යෙන්ම මුදල් අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍යාංශය ගනනාවක වෙනකම් සිදු වන බව ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ආණ්ඩුවේ ඉදිරි වර්ෂ දෙක සඳහා තව දුරටත් හවුල් ආණ්ඩු සංකල්ප පවත්වාගෙන යෑමට අදාළ ප්‍රකාශයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ප්‍රකාශය අනුව පක්ෂ දෙකේ ගරුත්වය ආරක්ෂාකර අවබෝධයෙන් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ වගකීම පැහැදිලි කිරීමටත් මෙම සැප්තැම්බර් මාසයේදී අවසන් වන සම්මුති ආණ්ඩුවේ වසර දෙක අවසානයේ ආණ්ඩුව ලබාගත් ජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණය ඉලක්ක කොට ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

137 views

15 Comments to “හෙට ඇමති සංශෝධනයෙන් පසු ජනාධිපති අලුත් දේශපාලන ගමනක් පිලිබඳ තද කතාවක්…”

  1. CHANDA says:

    තුප්පයි කුඩුකේඩු ගොන් තකතීරු බාල පන්තියේ කොමෙන්ට් අදහස් දාන සමහර එවුන් ගැන කනගාටු වෙනවා සේම, උන්ගේ ජාතියේම එකෙක් වෙලා ඉපදුන එකත් හිතට අප්සෙට්, මතු උපන්නොත් මේ තුප්පහි රටේ නම් ආයේ නොඉපදෙවා…
    අපේ රට ජාතිය වට්ටලා ඉවරයි, සමතලා කිරීම කෙරීගෙන යනවා අපුරුවට, අසන්න දකින්න ලැබෙන හැම ව්‍යාපති වලම යොමුව ඒ සදහායි.

  2. Aurora says:

    “රජා හෝ මා හෝ ගංගා හෝ” කියා අරිට්ටකි වෙන්ඩු මන්ත්‍ර ජපකලේ කැලණි ගඟ ගලා පහුර කැඩෙනකම් යාගය ගෙනයන්නයි. මේ ආණ්ඩුවේ හැම එකාම 2019 අවසානේ මහජන ගංගාව ගලනකම් කැබිනට් වෙනස, හොරු ඇල්ලීම, වාහන අවභාවිතව, යහපාලනය, සංහිඳියාව ආදී විකාර මන්ත්‍ර ජපකරකර ඉන්නවා. මහජන ගඟ ගලන එකත් ඒකෙන් මුන් සියලුදෙනා වැනසෙන එකත් කිසිවෙකුටත් වලක්වන්න බැහැ. මන්තර පැත්තක දාල කල්දලා තියන චන්ද තිබ්බොත් ගඟේ සැඩපාරනම් අඩුකරගන්න පුළුවන්. මොලේ තියනවනම් පිටුවහල් නොවී මේ රටේ ඉන්න පුළුවන් පණපිටින්. ඉරාකයේ, ලිබියාවේ සිදුවීම් මේ රටට ගෙනෙන්න කිසිවෙක් ඉඩ තියන්න එපා.

Main News