හෙට ජනපතිගේ රාජාසන කතාව පරදන්න එජාප කුමන්ත‍්‍රණයක්.. ඡන්ද විමසීමක්..?

January 2, 2020 at 10:00 am | lanka C news
හෙට ජනපතිගේ රාජාසන කතාව පරදන්න එජාප කුමන්ත‍්‍රණයක්.. ඡන්ද විමසීමක්..?

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරයේදී ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් ඉල්ලීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරින් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම අද (02දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ‘අද’ පුවත්පතට පැවසීය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව මීට පෙර ජනතා විමුක්ති පෙරමුණද සඳහන් කළේය.

මේ අතර හෙට (03දා) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම අද (02දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇත.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03දා) පක්‍ෂනායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර, සභානායක ලෙස දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් ආණ්ඩු පක්‍ෂයෙන් යෝජනා වී ඇති අතර, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇති බවට වාර්තා වේ. එසේම මෙම නම් හෙට (03දා) දින ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

– ada

34,419 Viewers

10 Comments to “හෙට ජනපතිගේ රාජාසන කතාව පරදන්න එජාප කුමන්ත‍්‍රණයක්.. ඡන්ද විමසීමක්..?”

  1. sky says:

    මුළු රටේම මහජන ජන්දයෙන් තේරී පත් වුන ,සිංහල බෞද්ධ ජන්දයෙන් තේරී පත්වුණ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පැරදවීමට UNP හොරුන්ට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුයි ….අපේ රටේ පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුත්තේ කොළ අලි රැලයි ….මුදලට රට පාවා දෙන රතු අලිපැටව් ටිකයි ,.TNA දෙමල ජාතිවාදී දේශපාලකයෝයි අපේ රට දියුණු කිරීමට ඇති එකම බාදාව මේ අවස්ථාවාදී වංචාකර බල ලොභින් ය ..කරුමයාත් දැන් රටට පිළිලයක් වෙලා
    ජනතා විමුක්ති පෙරමුණ යහපාලන කාලයේ නිහඩව සිටීමත් දැන් රට ජාතියට අවංක ජනපතිවරයෙක් ලැබුන විට ඔහුට විරුද්ධව කටයුතු කිරීමට උත්සාහ කිරීමත් ලජජාවට කරුණක් ..LTTE දෙමල කොටි ඩයස් පෝරාවේ කප්පන් වලටද JVP කටයුතු කරන්නේ ? උතුරෙන් ජන්දේ පටන් අරන් අනුරට ඇපත් නැති වී අන්ත පරාජයක් අත්වූ අන්දම අමතකද ?

  2. Sakeer Mohommed Fakeer Baawaa says:

    Sky, the next is the muslim extrimists (of mine) that should be given no opportunity, nor position in this gvnmt. at all.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    අපිත් කැමතියි පරද්දනවා නං. අපිට ඕන ඉක්මනට මැතිවරණයකට ගිහින් දේශද්‍රෝහීන් ටික එලවල දාන්න.

  4. ඇලෝසියස් says:

    එකෙන් වෙන්නේ ජප්පොන්ටයි, මුන්ටයි තියන චන්ද ටිකත් නැති වෙන ඒක විතරයි, මේ පාර චන්දෙන් ජප්පෝ 1% බහිනවා, හුඅම්පිය ලක්ෂ 25 ට බහිනවා මුළු ලංකාවේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්, ඒක සක්කරයට වත් වෙනස් කරන්න බැහැ,

  5. දැයට හිතැති says:

    පරද්දපං බලන්න හිටං

  6. sathya says:

    UNP, please allow time for the New President to make the essential changes for the country. So far he is doing well. Help him being united.
    Throw away political mismatches.

  7. සරා says:

    අද බාල ‌ෙජෙප්පනි පඩත්තර යුඑන්පි පාදඩයිනි පුළුවන් නම් රාජාසන කතාව පරාජය කරපල්ලා.අපිත් කැමතියි.ලක්ෂ 69කින් අනුමත කරපු ‌ෙදෙය පාදඩ විපක්ෂයෙන් පරාජය කලහොත් මහ මැතිවරනයේදි අපි ‌ෙගෝඨා 155 ලා අරන් ‌ෙදෙනවා.එවිට ‌ෙතොපිට සදාසොත්ති තමයි.

Main News