හෙට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක්..
August 21, 2019 at 6:48 pm | lanka C news
දිවයින පුරා රජයේ රෝහල්වල හෙට දිනයේ වැඩ වර්ජනයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ සෞඛ්‍ය ක්ෂෙත්රයේ ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය පවත්වන බවයි.
වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම, නුසුදුසු පත්වීම් දිය හැකි ලෙස වෛද්‍ය සේවා ව්‍යවස්ථාව වෙනස් කිරීම, නව පනතකින් වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීම, රෝහල්වල ඇති ඖෂධ හිගය, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රමවේදය උල්ලංඝනය කිරීම ඇතුළු මූලික කරුණු මෙම වැඩවර්ජනයට මුල් කර ගන්නා බව ද ලේකම්වරයා කියයි.