හෙට පාර්ලිමේන්තුවේත් ගුටි කෙලියක් නියමිතයි..

November 22, 2018 at 11:20 am | lanka C news
හෙට පාර්ලිමේන්තුවේත් ගුටි කෙලියක් නියමිතයි..

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා බහුතරය ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ විසින් උත්සාහ දැරීම නිසා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වන ලකුණු පහල වී තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සම්පූර්ණ සාමාජිකයන් 12 දෙනකු පත් වීමට නියමිත අතර දැනටමත් ආණ්ඩුව විසින් 07 දෙනෙකු නම් කර යවමින් දන්වා ඇත්තේ තමන්ට නියමිත බහුතරය අවශ්‍ය බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙක් පමණක් නියෝජනය කරමින් සිටියත් තේරීම් කාරක සභාවට නියෝජිතයන් දෙදෙනෙකු නම් කර තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුව තදින්ම කියා සිටියේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයන් මත ආණ්ඩු පක්ෂයට සියලු කාරක සභාවන්හි බහුතරය ලැබිය යුතු බවයි.

2015 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතා ආසන 45 ක් තිබියදී අගමැති කළ පසු සියලු කාරක සභාවන්හි බහුතරය ඔහුට ලබා දුන් ආකාරයෙන් මෙවරද කටයුතු සිදු විය යුතු බවට ඔවුන් තර්ක කර සිටිති.

207 views

9 Comments to “හෙට පාර්ලිමේන්තුවේත් ගුටි කෙලියක් නියමිතයි..”

  1. සීගිරි says:

    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නව යටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්න පටන් ගෙන ඇත. මේ ඊනියා නිදහස් හා ස්වෙෙරී රාජයයේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපති වරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      සීගිරි, තේරීම් කාරක සභාවට හයදෙනෙක් ඉන්න පක්‍ෂෙකින් දෙන්නෙක් දාන්න බෑ කියල උඹලගෙ ජෙප්පන්ට කියාපං.උනුත් උඹ වගේම මෝඩයි ආසාවෙ බෑ බං…

  2. Yupun says:

    කොහේ තියන ආණ්ඩුවක් ද?
    හැන්සාඩ් එක කියවලා එන්න
    පර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න
    48/2 අනුව ආණ්ඩුවක් නෑ
    ඉස්සලාම පර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න ඊට පස්සේ කොමිටි වල බහුතරය ඉල්ලන්න

    • වෙරි සොරි says:

      බහුතරය පෙන්නලා ආණ්ඩු හදන ව්‍යවස්ථාවක් ලංකාවේ නෑ.හැන්සාඩ් එක බලල ආණ්ඩු හදන්නේ කවුද ගොන් බාස් ? නොදන්න මගුල්වලට කට නොදා හිටු කියලා තොපේ නායකතුමා අද දැනුම් දීලා තිබුනා සියලු මිහරකුන්ට

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      YUPUN, උඹේ දැනුම උඹේ ප්‍රශ්ණෙන්ම පැහැදිලියි.ලිඳේ ඉන්න ගෙම්බෙක් බවත් පැහැදිලියි.දැනුම පොඩ්ඩක් වැඩි කර ගන්න ඕන නම් වහාම ගිහින් මහාචාර්‍ය රන්ජන් රාමනායක හමුවෙයං.

  3. david milibanda says:

    Hakeen, Bthiudden aye makkama yayi da srwa baladari deviyangen sarana patha.

  4. Gayantha says:

    වලි දාගෙන ප්‍රශ්න විසදගන්න බෑ. අර දයාසිරියත් කියන්නේ ශ්‍රිලනිප අය ගහගත්තේ නෑ. පොහොට්ටු අය තමයි කියලා කිව්වේ. පරිස්සමින් වැඩකරන්න ඕන. පොහොට්ටුව අමරුවෙන් ගොඩනගාගත්ත ජන බලය නැති කරගන්න ඉඩ දෙන්න එපා.

  5. මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න කතානායකට පපුවේ අමාරුවක් හෙම හැදුනොත්.... says:

    මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න කතානායකට පපුවේ අමාරුවක් හෙම හැදුනොත්….මොන දෙය්යන්ට කියන්නද? රට වලදන්නම ජිවත් වෙන නර පනුවෝ….

    • thila says:

      this is relay shame,you know per day there wasting 45 to 50 LKS for each parliament conference.if this stupid people want to eat our country

Main News