රනිල්-සජිත් හමුවේ දී සිදුවන සාකච්චාව මෙන්න… (Prediction)
September 9, 2019 at 10:35 pm | lanka C news
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
හෙට දිනයේ දී තීරණාත්මක රනිල් – සජිත් හමුවක් පැවැත්වෙන බවට රාවයක් පැතිරෙනවා. තම තමන්ගේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට නම් මේ දෙන්නා එකිනෙකාට කිව යුත්තේ කුමක්ද?
රනිල් නායකතුමා සජිත් මැතිතුමාට පැවසිය යුත්තේ “සජිත් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්න. හැබැයි එක කොන්දේසියක් උඩ. ජනාධිපතිවරණයෙන් ඔබ දින්නොත් මම අස් වෙනවා. හැබැයි ඔයා පැරදුනොත් මම අස් වෙන්නේ නෑ. ඔබ පැරදුනොත් ඔබ ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඔයා පැරදුනාම අස්වෙන්න ඕනෑ ඔයා මිස මම නොවෙයිනෙ. මෙවර මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිණුවොත් ඊ ළඟ ජනපතිවරණයටත් ඔහු එනවා. එතකොට මෙදා පාර ගෝඨාභයට පැරදුනු ඔයාව නැවත වතාවක් ගෝඨාභය මහතා එක්ක තරගයට දාන්න බෑ. ඒ නිසා 2024ට තරග කරන්න නැවුම් අපේක්ෂකයෙකු පුහුණු කරන්න එයාව නියෝජ්‍ය නායක කමට පත් කරන්න ඕනෑ. ඒක නිසා ඔයා පැරදුනොත් ඔයා නියෝජ්‍ය නායක කමින් අස් වෙන්න”.
අනිවාරයෙන්ම සජිත් පරදිනවා. මෙහෙම කළොත් රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිකම කෙසේ වෙතත් පක්ෂ නායකත්වය රැක ගන්න පුළුවන් වගේම ඊ ළඟ පාරලිමේන්තුවේ විපක්ෂ නායකත් වෙන්න පුළුවන්.
සජිත් මැතිතුමා රනිල් නායකතුමාට පැවසිය යුත්තේ “නෑ සර්. සර් තරග කරන්න. මමත් පූර්ණ සහය දෙනවා. හැබැයි එක කොන්දේසියක් උඩ. ඒ තමයි සර් පැරදුනොත් ඉල්ලා අස් වෙන්න ඕනෑ. මොකද ඊළඟ මැතිවරණයට මට සූදානම් වීමට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායකත්වය යන දෙකම මට අවශ්‍ය නිසා.”. එහෙම කළොත් නම් සජිත් මැතිතුමාට ජනපතිවරණය අවසන් වන විට ජනාධිපතිකම කෙසේ වෙතත් පක්ෂ නායකත්වය ලබා ගෙන විපක්ෂ නායක වෙන්න පුළුවන්.
රනිල් කරු සජිත් තුන්දෙනාම එක් අයෙකු වී ආවාත් ගෝඨාභය මැතිතුමාගේ ආසන්නයටවත් යන්න බෑ කියන එක මතක් කරන්න ඕනෑ. මොකද එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර පහේ මෙරටට කළ විනාශයට ඔය තිදෙනාම වගකිව යුතුයි. මෙ තිදෙදෙනාම ආණ්ඩුවෙ ඉතාම ඉහළ බලගතු තනතුරු දරද්දිම තමයි මේ රට විනාශයට පත්වුණේ.
– අරවින්ද අතුකෝරල