හෙට සිට විදුලිය හදන්න ඉන්ධන නෑ.. ලැබෙන විදිහකුත් දන්නෑ..- විදුලි ඉංජිනේරුවෝ දන්වති..
January 17, 2022 at 10:22 pm | lanka C news
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබාදුන් ඩීසල් හා දැවිතෙල් හෙට (18) දිනයෙන් අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
හෙට දිනයෙන් පසු විදුලිය ලබා දෙන්නේ කෙසේදැයි යන්න තීරණය වන්නේ ඉන්ධන ලැබෙන නොලැබෙන තීරණය මත බවද සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
මේ වන විට ජල විදුලි නිෂ්පාදනය 35% දක්වා පහත බැස ඇති බවත් නැවත සැළකියුතු වර්ෂාපතනයක් අප්‍රේල් මැයි මාස වන තෙක්ම නොලැබෙනු ඇති බවට කාලගුණ අංශ විසින් පුරෝකතන කර ඇති බවත් හෙතෙම පැවසීය.
දැනට ජලාශවල පවතින ජල මට්ටම් ද වේගයෙන් අඩු වී ගෙන යන බවත් මෙම තත්ත්වය මත තව මාසයක් දෙකක් යන විට තත්ත්වය ඉතාම අවදානම් මට්ටමකට පත් වෙන බව ද හෙතෙම කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
කෙසේ වෙතත් විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා නොදෙන තත්ත්වයක් යටතේ ඉදිරි දවස් කිහිපය සඳහා ලංකා ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.
එළඹෙන සතියේ නොරොච්චෝල බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් පසු මෙම විදුලි අර්බුදය සමනය වනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළේය.
වෙලාවට තෙල් ලැබෙයි බන්, වැඩ කරන්න ලෑස්ති වෙලා හිටපල්ලා.
සූර්ය බලශක්තිය තමයි එකම විකල්පය.
මේ කාලකන්නි විදුලි බල මන්ඩල කාරයෝ ඒකට ඉඩ දෙන්නෙම නෑ..උන්ගෙ ඒකාධිකාරය නැතිවෙන නිසා.
රජය දැන ගන්න ඕනෙ ඒකට මිනිසුන්ට අවස්ථාව සලසන්න.
රජයට තියෙන්නෙ සූර්ය පැනල පද්ධති ටැක්ස් අඩු කරන්න..පුලුවන්නම් අයින්ම කරන්න.
ලාන්කාවෙ නිපදවන්න අත හිත දෙන්න.
එතකොට පුලුවන් මිනිස්සු ඒක කරගනී. එතකොට ග්‍රිඩ් එකට පහසුවක්.
අපි රාජපක්ෂ පවුල විශ්වාස කරනවා.ඔවුන් නිතරම අපව බලාගන්නවා. ඔවුන් සෑම දිනකම පැය 24 පුරාම අපට ආලෝකය ලබා දෙනු ඇත.
උඹලා දේශපාලුවන්ට වඩා මේ රටට කෙලවපු කාලකන්ණි ටිකක්. නමට ඉංජිනේරු, හැබැයි රටට ගැලෙපෙන ජනන සැලැස්මක් හදන්න බැරිඋනා. බැරිඋනා නෙවේ කෙරුවේ නෑ . කෙරුවනම් උඹලගේ පුද්ගලික කුඩා බලාගාර වලින් වැඩි මිලට unit ගන්න වෙන්නේ නැනේ. තව උඹලගේ සමහරුන්ට පුද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න බැනේ. සූර්ය සහ අනෙක් පුනර්ජනිය ජනන වැඩ සටහන් ඔක්කොටම කෙලෙව්වා. ජලාශ වල අනවශ්‍ය විදියට ජලය නිකුත් කරලා ජල විදුලිය අඩාල කරා
All the employees must be send on no pay leave until the fuel problem is solved.
අත් දෙක වන වනා lanka transfomars එකේ වැඩට අව යු. ඩී ජෙයවර්දන මාරික්කාර පිටුගල ලංකා විදුලි බල මණ්ඩලය සතු කොටස් හොරෙන් අයිති කර ගන්නකම් බල හිටපු කාලකන්නි ඉංජිනේරුවරු.. lanka transfomars පිහිටවපු එක ලේකනයක්වත් දැන් විදුලි බල මණ්ඩලයේ නෑ .
අන්න නඩු වලින් බේරෙන්න ලක්ෂ ගණන් අල්ලස් බෙදනවා උඹලත් ගිහින් ඉල්ලා ගනිල්ලා.
උඹ්ල ඔක්කොම එකතුවෙල ගෙනවෙ හොරු ටිකක් බලයටදෙන් කපන් පරිප්පු