හෙට සිට සීනි කිලෝව 130යි..

August 29, 2021 at 5:30 pm | lanka C news
හෙට සිට සීනි කිලෝව 130යි..

30 දා සිට ලංකා සීනි සමාගම මගින් සීනි කිලෝ එකක් රුපියල් 125  ට නිකුත් කිරීමට තීරණය කල බව විෂය බාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට වෙළද පලේ සීනි මිල සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම පියවරගෙන ඇත. මේ වන විට වෙළද පලේ 200ත් 220ත් වැනි මිලට සීනි කිලෝවක් අලවි වේ. ඒ අනුව ලංකා සීනි සමාගමට අයත් සෙවනගල හා පැල්වත්ත යන සීනි කර්මාන්ත ශාලා මගින් ලංකා සතොසට, ලංකාව පුරා පිහිටි සමුපාකාර සහ බජට් ෂොප් සදහා ඇති තරම් සීනි ලබා දෙන බව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ අනුව සතොස මගින් රුපියල් 130ට දුඹුරු සීනි කිලාවක් ලබාගත හැකි බවත් දුර ප්‍රමාණය අනුව ඒ ආසන්න මුදලකට සමූපාකාර මගින් දුඹුරු සීනි ඉදිරි දින කිහිපයේදී ලබාගත හැකි බවද කීය.

ලංකාවේ සියලු සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සීනි අවශ්‍යතාවයේන් 20% ක් පමණක් සැපයෙන බවත් ඒ අනුව ඉදිරියේදී ලංකා සීනි සමාගම මැදිහත් වී සුදු සහ දුඹුරු සීනි ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් කීය. සීනි ආනයනයෙන් පසුව 130 ටත් වඩා අඩුවෙන් සීනි ජනතාව වෙත ලබාදිය හැකි බවත් මේ සියල්ල රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්වි සිදු කරන බවද සදහන් කරයි. මෙහිදී සමූපාකාර නොමැති ප්‍රදේශ වලට යම්කිසි අපහසුතාවයක් සිදුවිය හැකි බව පවසන අමාත්‍ය වරයා ඒ සදහා ඉදිරියේදී නිසි වැඩපිළියවලක් සකස්කරන බවද පවසයි.

රටේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් අසීමිත ලෙස සීනි මිල වැඩිකර අසීමිත ලාබයක් ලබන බවත් එම නිසා සෘජුවම රජය මැදිහත්වී මේ තත්වය පාලනය කරන බවද අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරන ලදී.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

36,822 views

16 Comments to “හෙට සිට සීනි කිලෝව 130යි..”

  1. රුක්ෂාන් සිල්වා says:

    ඉයෙඉ අදයි ටොන් ගනන් සීනී හංගපුවා හම්බුනේ එවා සතොසට යවලා ගන්න් බස්සන්න පුලුවන් නේ. එකයි කරන්න තියෙන්නෙ.අනික සීනී හංගන් හිටපු එවුන්ටත් නඩු දැම්ම නම් හරි.

  2. Chthura Gunarathna says:

    Sini wadet ara kibulage wadakda danne nh. Kibula kpatiya. Oya toiyo jeppo pal badn ka ghanne nikn danne nh wage okkom krnne oun thma.

  3. Sagarika Alvis says:

    Pau ahinsaka minissu me thuttu deke wada nisa talenne egollo. Hama thanama mafiyawa raja katanawa.giya andu kale karapuwa nisa thama dan hamoma duk widinne.

  4. සීනි වැඩේ හින්දි චිත්‍රපටයක් වගෙයි ගොඩක් හංගපු එකා ටිකක් එලියට දාල පොලීසියට පෙන්වනවා