හෙට හවුල් ආණ්ඩු ගිවිසුම අවසන්.. ඇමති පිරිසක් ස්වාධීන වෙන්න සූදානම්..
August 20, 2017 at 1:20 pm | lanka C news
ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් සිය ධුරයෙන්ගෙන් ඉවත්ව ස්වාධීන වීමට සාකච්චාවක් ආරම්භ කර ඇත.
තමනට අදාල අමාත්‍යංශවල කැබිනට් ඇමතිවරුන් බලතල නොපැවරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඔවුන් මෙම තීරණය ගැනීමට පෙළැඹී ඇත.
මෙම පිරිස අවධාරණය කර ඇත්තේ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙට දිනයෙන් අවසන් වූ පසු යලිත් ගිවිසුම දීර්ඝ කරන්නේ නම් රාජ්‍ය ඇමතිවරුනටද බලතල හිමි වන ලෙස ගිවිසුම සංහෝධනය කල යුතු බවයි.