හෙණ්ඩුව ලකුණින් හෝ පක්ෂයක් හදා නොගත්තොත් එජාපයට යන එන මං නෑ..- පොහොට්ටුවෙන් එජාප ප්රබලයන්ට උපදෙස්..
April 26, 2018 at 12:00 pm | lanka C news
හෙණ්ඩුව හෝ ලකුණ කර ගෙන නව පක්ෂයක් නිර්මාණය කර නොගතහොත් එජාප පාක්ෂිකයන්ට ද යන එනමන් නැති වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය.
ඒ මහතා එසේ කිවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි එජාප ආධාර කරුවන් පරිසක් සමග බොරලස්ගමුවේදී පැවති සාකච්චාවකදී අදහස් දක්වමිනි .
එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
‘එජාප ශ්‍රීලනිප පූට්ටුවෙන් ආණ්ඩුවක් හැදීම නිසා කීර්තිමත් ඉතිහාසයක් ඇති එම පක්ෂ දෙක මේ වන විට දේශපාලන සොහොන් බිම ආසන්නයට ගෙන ගොස් තිබෙනවා .ඒ පක්ෂ දෙකේ විනාශයට වඩා දෙපක්ෂය එක් වී හදා ගත් යහපාලන ආණ්ඩුව නිසා රටට සිදු කර ඇති විනාශය කොපමනද බව කියන්න බැහැ .මිනිස්සු අද අන්ත අසරණ වෙලා.
මහින්ද රාජපක්ෂ මහත්තය පක්ෂ දෙකේ පූට්ටු ආණ්ඩුවට රට භාර දෙන කොට හැම පැත්තකින්ම දියුණු වුණු රටක් තිබුනෙ .මේ තරම් බොරු කියන නායකයො ඉන්න ආණ්ඩුවක් ලෝකෙ තව කොහෙද තියෙන්නෙ ?.ප්රජාතන්ත්රවාදී පාලනයක් අද අප රටේ තියෙනවද ?
මේ ආණ්ඩුව සෙල්ලම් කරන්නෙ රටේ අනාගතය එක්ක .රට මළානික වෙලා .නිෂ්පාදනයක් නැති පලදායිතාව බිංදුවට වැටුන රටක් .යහපාලනයට එකතු වෙලා රටට කරපු විනාශයේ පාපයෙන් මිදෙන්න එහි කොටස් කරුවන් දැන් තීන්දු ගන්න ඕන එය පක්ෂ දෙකේම අයට පොදු කරුණක් .
වැටී ඇති රට යළි නැගිට්ටවන්න ඉක්මන්මෙහෙයුමක් කරන්න වෙනවා .ඒ සදහා මහින්ද රාජපක්ෂ මහතා නායකත්වයට එන්න ඕනෑ පනාධිපතිවරණයක් ,මහ මැතිවරණයක් එන තෙක් මේ විදියට ගියොත් රටට මොකද වෙන්නෙ ?.ප්‍රජාතත්‍රවාදයට ජීවය එන්න පක්ෂ අවශ්‍යයි .
පොහොට්ටුවේ ලකුණෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා ගැනීම නිසා ශ්‍රීලනිප පාක්ෂිකයො බේරුනා .රටට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා .මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් වූ ඒ පෙරළිය ඉතිහාස ගත වෙනවා .
එජාප යටත් පූට්ටු ආණ්ඩුව නිසා සිදු වී ඇති විනාශයෙන් ගොඩ එන්න නම් හෙණ්ඩුව හරි ලකුණ කර ගෙන අලුත් පක්ෂයක් පිහිටුවා ගන්න වෙනවා .පක්ෂය කියන්නේ සිරිකොත ගොඩනැගිල්ලවත් බෝඩ් ලෑල්ලවත් නොවන බව ඒ අයත් තේරුම් ගත යුතුය.
පක්ෂ භේදයකින් තොරව රට ගැන හිතන පිරිස එක් වී අද රටට අවශ්‍ය දේශපාලන පෙරළිය කළ යුතු වෙනවා. එවැන්නක් ජයග්‍රහණය දක්වා කළ හැකි වන්නේ මහා පොදු සාධකය ලෙස පොදු ජන හදවත් තුළ සිටින මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගැනීමෙනි .ඒ බව පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශ ප්‍රේමී මන්ත්‍රී වරුන් තේරුම් ගත යුතුව ඇත’
පක්ෂය කියන්නේ සිරිකොත ගොඩනැගිල්ලවත් බෝඩ් ලෑල්ලවත් රනිල් වික්රමසිංහවත් නොවන බව ඒ අයත් තේරුම් ගත යුතුය.
මසුරන් වටින කියමනක්.
මහින්ද මැතිතුමණි රට විනාශයෙන් බේරාගන්න, ඔබ ජීවමාන දෙවියෙකි
රටේ දේශප්රේමින්ගෙ බලාපොරොත්තුව ඔබයි.
පොහොට්ටුවට ජයවේවා
NIYAMA VIGRAHAYA
POHOTTUWA TA JAYAWEWA
JANATHAWATA JAYAWEWA.
jayawewa