හෙදියන්ට දීමනා ඔ්නෑ.. නැතොත් රෝහල්වල උණුසුම් තත්වයක්..

April 5, 2020 at 10:40 am | lanka C news
හෙදියන්ට දීමනා ඔ්නෑ.. නැතොත් රෝහල්වල උණුසුම් තත්වයක්..

හෙද නිලධාරීන් නොසලකා හැර කටයුතු කරන්නට ගියහොත් රෝහල්වල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවනු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය නිලධාරීන්ට සහ පවුල් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රජය විසින් දීමනා ලබාදීමට කටයුතු කර ඇතත් එම දීමනා හෙද සේවයට ලබා දී නැති බවත් ඔහු පැවසීය.

එම සියලු දීමනා හෙද නිලධාරීන්ට හිමි විය යුතු බවත් ඔවුන් මේ වනවිට රාජකාරි කරන්නේ ඉතාම අපහසු තාවයන් මැද ජීවිත අවදානම් පවා නොතකමින් බවත් රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.

හෙද නිලධාරීන්ට දීමනා රජය නොදුන්නොත් රෝහල් වල නොසන්සුන් කාරී තත්ත්වක් උදාවෙයි

හෙද නිලධාරීන්ට දීමනා රජය නොදුන්නොත් රෝහල් වල නොසන්සුන් කාරී තත්ත්වක් උදාවෙයි Like us : Breaking.lkWhatsApp Group : https://bit.ly/3dW2TNC

Gepostet von Breaking.lk am Samstag, 4. April 2020

242 views

102 Comments to “හෙදියන්ට දීමනා ඔ්නෑ.. නැතොත් රෝහල්වල උණුසුම් තත්වයක්..”

  1. catseye says:

    NODAKIN ME WAGE APATHA KALAKANNIYO

  2. sunil says:

    රටට වින කරන සමන් රත්නප්‍රිය නමැති දේශ ද්‍රෝහීයා නැවත ඔලුව උස්සන්න තැනක් බල බල ඉදලා කොරෝන වෛරසයත් එක්ක කරලියට එන්න සුදානම් බව පෙනෙනවා. රෝගීන් සමග කෙලින්ම ගැටෙන සෞඛ්‍ය සේවයේ සිටින සියලුම සේවකයන් හට අත්‍යවශ්‍ය පහසුකම් සැලසීම රජය මගින් නොපමාවම සිදු කලයුතුයි. එහි අඩුපාඩුවක් තිබේ නම් වහාම සොයා බලා කටයුතු කිරීම ඒ වෙනුවෙන් බලගන්වා ඇති කාර්ය සාධක බලකායේ වගකීමයි. මෙවැනි අපතයන් හට නැවත කරලියට ඒමට කාරනා සකස් කර දීමෙන් වැළකෙන ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට දන්වා සිටිමු.

Main News