හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක..

June 3, 2021 at 12:00 pm | lanka C news
හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක..

රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රෝගීන් වෙනුවෙන් නිසි ලෙස ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් දෙන ලෙස ඉල්ලමින් මෙම නිහඬ උද්ඝෝෂණය සිදුකරන බවය.

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24ක් මෙම විරෝධතාවයට එකතු වන බවද කී ඔහු මීට සමගාමීව හෙට දිනයේ ප‍්‍රධාන රෝහල් 09ක පෙරවරු 07.00 සිට දවල් 12.00 දක්වා පැය 5 ක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බවද කියා සිටියේය.

එසේ නමුත් මෙහිදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

22,475 views

11 Comments to “හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක..”

  1. paba says:

    රට විරුවොන්ගේ නම ගැලවුනා……. රණ විරුවොන්ගේ නම ගැලවෙමින් පවතී…… සුව විරුවොත් නම ගලවගන්න ද හදන්නේ ?

    • ඉස්පුක්නික් එපා ඇස්ට්‍රා ඕනෑමයි says:

      හරියටම හරි. ඔක්කෝටම කලින් නම ගලවාගත් තේ අර පාස්කු බෝම්බ කාරයො, මහා බැංකු කඩපු හොරු, විල්පත්තු කාපාපු කැලෑ පාලුවෝ අල්ලන වමයි කියලා පොළොවේ පස් කාල මයික් පැලෙන්න කෑගහපු අපේ රෙනවිරුවා නේ. දැන් ලජ්ජා බය දෙකම නැති සාම්ප්‍රදායික බයියෙක් වගේ වැඩ නැහැ ටෝක් විතරයි.

    • Nishantha says:

      වෛද්‍යවරුන් මේ වර්ජනයට සහභාගි නෙවේ.

  2. sunimal says:

    ඇමතිවරුන්ට ලබාදෙන වාහන මුදල්වලින් මේ අයගේ ප්‍රශ්න විසදන්න.

  3. Osmand says:

    හද්දා මෝඩයෙකුගේ වෘත්තීය සමිතියට ගොස් උගේ පසුපස යන මේ සෞඛ්‍ය සේවකයන්ගෙන් නිවැරදි සේවයක් ලැබිය හැකිදැයි ප්‍රශ්නයකි. එවැනි NGO මෝඩ ගැත්තෙකු ගැන නොදත් සේවකයන් ගැන කණගාටුයි.

  4. 3% ට බය බයියා. says:

    ගැසට් එක කැසට් එක වෙලා නේද ?

  5. වෙබ් බුවා says:

    කොරෝනා ලෙඩුන්ට විමුක්තිය සඳහා රත්න අප්පිරිය වැලිගම් යැව්වත් කමක් නැත

  6. Be united says:

    පොදු යහපත වලකන අයට නිසි දඩුවම් දෙන චීන පාලන ක්‍රමය ක අවශ්‍යතාවක් රටෙ බහුතරයකට දැනිලා තියෙන්නේ.

  7. T says:

    අත්‍යවශ්‍ය සේවා ගැසට් කරල තියෙන්නෙ. ඒ වෙලාවට වැඩවර්ජන තහනම්. වැඩවර්ජන කැඳවන වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගත හැකියි.

  8. david milibanda says:

    very good. This shows the mentality of the Sri Lanka people? Think about themselves before the Country.
    Trade Unionism is a curse. Those who who go behind them are opportunists.
    Gota need to ban all Trade Unions in Sri Lanka.

  9. ❤💙💚💛💜 says:

    ඩිප්ලෝමාධාරී හෙදියක් මාසිකව අතිකාල දීමනා සමග රුපියල් එක්ලක්ෂ පණස් දාහක් පමණ මාසික වැටුපක් ලබනවා.මෙයාලට තව මදිලු.රෝගීන් ප්රාණ ඇපයට තබා කේවල් කිරීමෙන්ම සකසා ගත් වැටුපක්.උපාධිධාරී ගුරුවරයෙක්ගේ වැටුප 50000 ට අඩුයි.රජය මේවාට වගකිව යුතුය.

Main News