හෙද වැඩ වර්ජනය අසාර්ථකයි.. හාමුදුරුවො පවු..

March 13, 2017 at 5:30 pm | lanka C news
හෙද වැඩ වර්ජනය අසාර්ථකයි.. හාමුදුරුවො පවු..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ක‍්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

“අද දින හෙද සේවා සංගම්වලින් එක් හෙද සේවා සංගමක් වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. මම ලෝක සෞඛ්‍ය සංවිධානය මියන්මාරයේ පැවැත් වූ සැසිවාරයකට ගොස් සිටිය දී තමයි වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබුනේ. එම හෙද සේවා සංගමය දිර්ඝ ඉතිහාසයක් තිබෙන සංගමයක්. හැබැයි මම කියන්න කැමැතියි එම සංගමය කැඳ වූ අසාර්ථකම වැඩවර්ජනය මෙවර ක්‍රියාත්මක වන බව. මෙම වැඩවර්ජනය නිසා කිසිදූ රෝහලක සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නැහැ. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ පමණක් යම්තාක් දූරට වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා.

කොළඹ ජාතික රෝහල. මහනුවර, පේරාදෙනිය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, බදූල්ල, කලුතර, මාතර, කාසල්විදීය කාන්තා රෝහල, මහමෝදර, හම්බන්තොට, පොළොන්නරුව, ළමා රෝහල සහ අම්පාර යන රෝහල්වල දෛනික රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදූ වෙනවා. හෙද පුහුණු පාසල් වල ඇතැම් විදූහල්පතිවරුන් ශිෂ්‍යාවන්ට බලපෑම් එල්ල කළත් එයත් අසාර්ථක වී තිබෙනවා. මෙම සංගමය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම වැටුප් විෂමතා කමිටුවට යොමු කර තිබෙනවා. එම ප්‍රශ්ණය මුලු රාජ්‍ය සේවයම මුහුණ දී ඇති ප්‍රශ්ණයක්. අතිකාල දීමනා වැඩිකිරිම පිළිබදව ද සාකචිඡා පවත්වා වැටුප් කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. වාර්ෂික නිල ඇදූම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම තවත් ඉල්ලීමක්. හදිසි අනතුරු දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා සිටියත් එය අනතුරු තිබෙන හෙද හෙදියන්ට ලබාදෙනවා. සෑම හෙද හෙදියකටම එය ලබාදෙන්න බැහැ. ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. මම මෙි වනවිට ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කර අවසන්. හෙද විදූහල්පතිවරුන්ට නිල නිවාස ලබාදිම සහ සිසුන්ට පහසුකම් ලබාදිය යුතු බව තවත් ඉල්ලීමක් වෙනවා. හෙද විදූහල්වල අඩුපාඩු සකස් කිරීම සදහා රුපියල් මිලියන 200 ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබෙනවා.

ඇතැම් විට මෙම වැඩවර්ජනය දේශපාලන අරමුණක් මත සිදූ කරන්න පුලුවන්. ඉල්ලීම් සියල්ල සාකචිඡා මාර්ගයෙන් විසදා ගන්න පුලුවන්. ඇතැම් ඉල්ලීම් මෙි වනවිට ඉටුවෙමින් පවතිනවා. එම හෙද සංගමයට නායකත්වය ලබාදෙන හිමිපාණන් අද අසරණ වෙලා. අසාර්ථකම වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. රෝහල්වල හෙද හෙදියන් සියයට 90 ක් රාජකාරි කටයුතු ඉටු කරනවා. කාගේ හරි අනුදැනුමක් මත මෙම වැඩවර්ජනය දියත් කරන්න ඇති. රෝහල් සේවා කටයුතු අඩාලවීමක් නැහැ. අනෙක් හෙද සංගම්වල නිලධාරීන්ට වර්ජනය කඩාකප්පල් කිරීමෙි උවමනාවකුත් නැහැ.”යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදූරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

31 views

3 Comments to “හෙද වැඩ වර්ජනය අසාර්ථකයි.. හාමුදුරුවො පවු..”

  1. SS says:

    හාමුදුරුවෝ මෙවන් සංගමයක නායකත්වය ඉසිලීම නොගැළපෙන වැඩක් .. කොහොමටත් උන් වහන්සේ මහින්දගේ හාල් කෑල්ලක් .

  2. Dickie Bird says:

    Ehenam aney hamuduruwanta ata pirikarayaj pooja karapan va…charlie…………

  3. Girigoris says:

    මේ රාජිත පිස්සා බුදු හාමුදුරුවෝ වෙලා කියලා හිතන් ඉන්නවා වගේ. හාමුදුරුවන්ට පව් කියන්නේ. පාචනේ හැදිල තමා පන යන්නේ බලා ගෙන.

Main News