හෙද සභා නිලවරණයෙන් ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්.. ප‍්‍රතිශතය 66%යි..

December 13, 2021 at 10:22 pm | lanka C news
හෙද සභා නිලවරණයෙන් ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්.. ප‍්‍රතිශතය 66%යි..

ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබන කණ්ඩායම ඉහළම ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.

හෙල නිලධාරීන්ගේ ඡන්දයෙන් තෝරාපත් කරගන්නා සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකු ම ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබන සමස්ථ ලංකා හෙද සංගමයන් පත්ව ඇත්තේ 66%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.

ඊට අමතරව ජයග්‍රහණය කර ඇත්තේ ස්වාධීනව තරග කරන ලද කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා ද සොයිසා මහත්මියයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය 18% ක ප්‍රතිශතයක් සහ සමන් රත්නප්‍රිය මහතා මෙහෙයවන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 16% ක ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.

ශ්‍රී ලංකා හෙද සභාවට තවත් ක්‍ෂෙත‍්‍ර කිහිපයකින් නිලවරණ පවත්වා සාමාජිකයන් හය දෙනකු තෝරා ගන්නා අතර නිල බලයෙන් තවත් ක්ෂේත්‍ර නියෝජනය කරන අටදෙනෙකු පත් වෙයි.

සමස්ත හෙද සභාවේ නියෝජනය වන්නේ දහ නව දෙනෙකි.

108,824 views

60 Comments to “හෙද සභා නිලවරණයෙන් ජවිපෙ කණ්ඩායමට දැවැන්ත ජයක්.. ප‍්‍රතිශතය 66%යි..”

  1. dev says:

    JVP eke me heena lokaema hamadama indeewi.

  2. sagara says:

    දිනන එක පුදුමයක් යැ. රටේ ගොඩක් උන් කැමති වැඩක් නොකර උද්ඝොෂණ කරලා පඩි වැඩි කර ගන්න. ඉතින් ඒකට ගැලපෙනම වෘත්තීය සමිතිය ජවිපෙ තමයි. හැබැයි ඉතින් ඊලඟ මහමැතිවරණෙදි 5% ඉක්මවලා වත් ඡන්ද ගන්න පුළුවන් කියලා ජේවීපී අය හිතනවා නම් ඒක හරියට අර නරි‍යෙක් එළුවගේ මොකක්ද වැටෙනකම් පස්සෙන් ගියාට සමානයි.

    • nirmal says:

      @ you are quite right Sagara. Kalakanni JVP karayo.They just want to create problems in the country by strikes, fast,murder or insurgency.They don’t want progress in the country.They want people to be poor so they have some people under their wings.If people become well to do they have no place.So tell lies,do all sabotages by hook or crook to bring down this government. They are not concerened with our destiny.See, amid all the problems, with no money how good this government giving the vaccines well.JVP is supported by West NGOs to bring down this government .

    • saman says:

      මොකා නොදුන්නත් අපි හැමදාම මහ රජානන්ට හරි එයගේ පුතාට හරි තමයි. අපිට යුද්දේ ඉවරකරලා හයි වේ හදලා දුන්නේ කවුද කියන එක පාහර බල්ලන්ට දැන් මතක නෑ

    • කරු says:

      100% එකඟයි.

    • banda says:

      hik hik hik pau ban jvp

  3. Razor says:

    It is very evident that almost all the unions are run by JPVers and they are pulling back the forward move of any public or private sector. But this is not the voice of the country..

  4. Saman Adikari says:

    By born of JVP in 1965 was to be replace of Old Left political parties has done nothing ,instated of that had misled whole Trade Union Movement by hijacker for that politics of Terrorist by JVP leadership in 1971 and 1988/89/90 .Do you wanted done that current Trade Union movement to same result…?
    Last gov. led by since 2015 Jan 8th that UNP of Ranil+ Sajith leadership. At time where was JVP stand, with whom…? JVP was close Comrade in-Arms with UNP leadership. Is that same JVP had no accountability of misdeeds done by UNP leadership..? Yes.
    JVP is politically an opportunist political Party of Sri Lanka. That Party of JVP has no future in Island nation .@

  5. Chathura says:

    ජවිපෙ ඇත්ත මූණ දැක ගන්න ඕන නම් කූඹියෝ නාට්ය බලන්න. නැති ප්‍රශ්න ඇති කරලා ඒ ප්‍රශ්නෙ වවාගෙන කාල, හැමෝම අපහසුතාවයට පත් කරලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්න බලන එක ජෙප්පො හැමදාම කරන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙනවට ජෙප්පො කැමති නැහැ

    • යහසමාජය says:

      ලෙනින් කිව්වෙ දනපතීන් කවදාවත් නිර්දන පන්තියට බලය ගන්න දෙන්නෙ නෙ එනිසා දනපති පාලකයො කරන සියලුම දේ කඩාකප්පල් කරන්න කියල
      .එහිවරදක් නේ මොකද නිර්දන පන්තිය බුද්දිමත් නේ ඔවුන්ට තේරෙන එකම භාශාව බඩගින්න .බඩගින්න අවිස්සුවාම නිර්දනපන්තියටම වාසි වෙන දෙයක් වෙන්නෙ.තාවකාලික බඩගින්නක් ඉදිරි සන්වර්දණය වෙනුවෙන් දරාගෙනීම නම්බුවක්
      2024 ජවිපේ අපේ ආන්ඩුවකින් නිර්දන ,දනපති බේදයක්නෙතිව ආහාර වේලක් .ආර්තික අසමතුලිතතාව නෙති යහසමාජයක්

  6. David Milli-banda says:

    JVP takes control to take care of the Patients better? Then its ok.

  7. calista says:

    හෙද සභා නිලවරනය හාසමූපකාර ය කල ඒ ජනතා කැමත්ත අද කෙමෙන් කෙමෙන් ජනතා විමුක්ති පෙරමුණට ඇදීයනු දැකිය හැක අද රට
    වැටී ඇතිමේ භයානක අගාදයට ජනතාවගේ බිය නිසාමද දෙදාස් 19 ජනාදිපති වරනයේදී ජාතික ජනබලවේගයේ නාකයක අනුර සහෝදරයා එදා කල ඒ පරකාශ නැවත ආවර්ජනය කර බලන්න
    අද ඒ සියල්ලම ජනතාව ඉදිරියේ විදහාපා ඇතදැන් කල හැකි කිසිත් නැත

Main News