හෙන්නානිගල ආදීවාසීන්ට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අතහිත..

May 25, 2017 at 2:06 am | lanka C news
හෙන්නානිගල ආදීවාසීන්ට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අතහිත..

දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල දකුණු ගොවිජනපදයේ පාරම්පරිකව පැවත එන ආදිවාසීන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මුණගැසුණහ.

ඒ අවස්ථාවේ දී ඔවුන් ඉල්ලා සිටියේ තම ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ධීවර කටයුතු නංවාලීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසය.

ඒ අනුව ප්‍රදේශයේ තිබෙන ජලාශවලට මතස්‍ය පැටවුන් මුදා හැරීමටත්, මත්ස්‍ය අභිජනන මධ්‍යාස්ථානයක් පිහිටුවීමට මෙන්ම ඔවුන්ට අවශ්‍ය ඔරු දැල් හා ධීවර ආම්පන්නද ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ලබා දෙන බව අමාත්‍යවරයා දැන්වීය.

– ජෝර්ජ් පෙරේරා

65 views
Main News