හෙරොයින්, අයිස් මත්ද‍්‍රව්‍ය ශ‍්‍රී පාදයෙන් අල්ලයි..

January 15, 2021 at 6:48 pm | lanka C news
හෙරොයින්, අයිස් මත්ද‍්‍රව්‍ය ශ‍්‍රී පාදයෙන් අල්ලයි..

හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් දෙදෙනකු 14වන රාත්‍රියේ නල්ලතන්නිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් පරික්ෂා කිරිමේදි හෙරොයින් හා අයිස් නැමති මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවත්ය.

දෙහිවල සිට පැමිනි අවුරුදු 27ක් පමන වයැසැති පුද්ගලයකු හෙරෝයින් මිලි ග්‍රැම් 92ක් සමගද ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිනි අවුරුදු 28ක් වයසැති පුද්ගලයකු අයිස් නැමැති මත් ද්‍රව්‍ය මිලි ග්‍රැම් 50ක් සමග අත් අඩංගුවට ගත් බවද එම නිලධාරියා පවසන ලදි.

මත් ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් මෙම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

10,864 views

4 Comments to “හෙරොයින්, අයිස් මත්ද‍්‍රව්‍ය ශ‍්‍රී පාදයෙන් අල්ලයි..”

  1. ' නාකොටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ' 😜 says:

    ‘ නාකොටි ‘ පොලෝසියද ඇල්ලුවේ…?
    එහෙමනම් හරි..
    ‘ සැලුට් ‘ එකක් ගහල
    දෙන්නටම යන්න කියන්න ඇති..!

  2. Asela says:

    Me wage podi ewun nevi allanna onee…!!! Lankaawata thaamath kufu genaa deshapaluwanwa….!!! Un ada inne minister la welaa …! Nimal Lansa kiyapu gaman dannawaa ratama. Uoo kudu genaa bawa…? Etha ada uoo amathi kenek…? Thawa kudu gena ewun TV channel daa gena …? Kaata kiyannada …! Janadhipathi kiyala gobbayek daa gaththu eke waradda hinda ratama iwarayi

  3. 😢😢😢😢😢😢😢 says:

    මුංව ඇල්ලුවහම ලෝයර්ලා ඉදිරිපත්වෙලා මුංව නිදහස් කරනවා..!
    ඉතින් ඒවා මුංගෙ ඇඟට දැනෙන්නේ නැහැ..!
    අනික රෑට ‘ කුඩු හා බඩු ‘ ලාබම රට තමයි ලංකාව..!
    ” කස පහර ” දීම පටන් ගත්තානම්..
    මේවා ගන්න එක නවතිනවා අනිවාර්‍යයෙන්ම!
    අද ආගමක් දහමක් නැති රටක් බවට පරිවර්තනය වෙලා..!
    ලංකාවෙ ‘ පොලිසිය ‘ කියන්නේ හරියට ලංකාවෙ පාසල් වගේ..
    ටීචර්ට පේන්නම ප්‍රයිවෙට් ටියුෂන් යනවා…පොත් අරගෙන.!
    පොලීසියට පේන්නම බය නැතුව යනවා …ඕව අරගෙන !
    උදා- තනිරෝදෙන් දුවලා මෝටසයිකල් 10 ඇල්ලුවා ලඟඳි..
    ගෙදර මුරට ඉන්න බල්ලා ගේ ඔයිට වඩා හොඳින් රකිනවා
    කීවොත් වැරදි නැහැ..! මෙහෙම ගියොත් පොලිසියේ
    ‘ ධර්ම චක්‍ර ‘ ලංචනය වෙනස් කරන්නම වෙයි…
    හේතුව..මහ පුටු වෙනස් උනාට
    සැලුට් ගහන්නේ එකම විදියටනේ..!

  4. dot says:

    things are changing .Not aggala to be taken by the nade ..but narcotic drugs ..and Narcotic division is aware of such aberration .and so is the society ..but all seem so helpless with this Demon ..Take care the real pigrim do not share eats like those days .for we know not how it could be spiked to make you an addict .two students of mine reached that point of no return ..

Main News