හෙරොයින් කිලෝ එකක්.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ.. අරුන්දික ප‍්‍රනාන්දුගේ නිවසින් එද්දී අත්අඩංගුවට..

April 9, 2019 at 10:40 am | lanka C news
හෙරොයින් කිලෝ එකක්.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ.. අරුන්දික ප‍්‍රනාන්දුගේ නිවසින් එද්දී අත්අඩංගුවට..

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකි.

සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු පසුගිය 23 වනදා හෙරොයින් කිලෝ එකක් සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් සැකකාර මන්ත්‍රිවරයාද අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව මාදම්පේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ය.

මොවුන් දෙදෙනා අධිකරණවට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ නිවසේ සිට එලියට එද්දී බවත් පොලීසිය කියයි.

5,036 views