හෙරොයින් කිලෝ 161ක් සමගින් මධුෂ්ගේ ගෝලයෙක් අල්ලයි.. සජීව උණ්ඩ 5000ක්ද අල්ලයි..
March 11, 2019 at 6:43 pm | lanka C news
පොලීසිය විසින් හෙරොයින් කිලෝ 161 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කල මෙහෙයුමකදී මොරටුව රාවතාවත්ත නිවසකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මාකඳුරේ මධූෂ්ගේ සමීප ගෝලයෙක් වන ‘කැවුමා’ නම් පාතාල සාමාජිකයාට මෙම නිවස අයත් එකක් යයි පොලීසිය කියයි.
වැටලීමේදී සජීව උණ්ඩ 5000 කට අධික තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙන්න ඇත්ත….
ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් හතළිස් පන්දහසක් පමණ සිටින බවත් එක් පුද්ගලයෙකුට දිනකට හෙරොයින් මිලි ග්‍රෑම් 04 ක් අවශ්‍ය කරන ඔබ දන්නවාද?
දිනකට මේ ඇබ්බැහිවීමට රු 5000 ක් ඕනි බව ඔබ දන්නවාද?
බොරු කියන්න එපා. ලංකාවේ කුඩු ගහන් එවුන් මිලියන 1/2 ක් ඉන්නවා. ගාන සගවන්නේ අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලය විසින්.
කිලෝග්‍රෑම් 250ක් අල්ලනකොට තව 750ක් එලියේ. මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව යුද්දයක් අනිවාර්යයෙන් ඇති විය යුතුයි.