හෙරොයින් කිලෝ 38ක් අල්ලයි…

July 13, 2022 at 2:18 am | lanka C news
හෙරොයින් කිලෝ 38ක් අල්ලයි…

ඇඹිලිපිටිය පොලීසිය මගින් සිදුකළ වැටලීමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු 38kg 360g ක් සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලීසිය  සමත් විය.ඒ මව සහ පුතාය. ඇඹිලිපිටිය  මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සති පොල ඉදිරිපිට තැපැල් නිල නිවස ආසන්නයේ නිවසක කුලියට නැවතී සිටී පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

46 වයසැති කාන්තාවක් සහ ඇයගේ පුතා(22)  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ මීට පෙර පදිංචිව සිට ඇති අතර  මීට මාස කිහිපයකට පෙර ඇඹිලිපිටිය නවනගරයේ පදිංචයට පැමිණ ඇත.මෙම නිවස බෑග් මැදීමේ කර්මාන්තයක් වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු ගෙන් කුලියට ගෙන තිබේ.

හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වක අවස්ථාවේ ⁣හෙරොයින් ප්‍රවාහනය සදහා පැකට් 36 කට අසුරමින් සිට ඇත.

මෙම හෙරොයින් මත්කුඩු ඩුබායි සිටින නදුන් චින්තක හෙවත් හරක්කටාගේ වියහැකිබව පොලීසිය සැක පලකරයි. ඒ සම්බන්ධයෙන් මෙ වනවිට පරික්ෂණ සිදුකරමින් පවතී. මෙසේ අත්අඩංගුවට පත්වු කාන්තාවගේ නැගණිය ගේ සැමියා වසින් මෙම මත්කුඩු මෙම නිවසට ගෙනවිත් ඇතිබව තොරතුරු වාර්තාවේ. ඔහු මීට ලෙර අවස්ථා දෙකකදී මේආකාරායන්ම මතකුඩු කිලෝ 10ක් සහ 20ක් සගනා තබා තබු බව පොලීසිය කරුණු අනාවරණය කරගෙන ඇත. මිද්දෙණිය ප්‍රදේශයේ බස් හිමියකු මාර්ගයෙන් මේවා අදාල පුද්ගලයන්ට බාරදී ඇතිබව  කර ඇතිබව තොරතුරු හෙලිවී ඇත.

අත්අඩංගුවට පත කාන්තාවගේ පුත්‍රයා මතුකුඩුවලට ඇබ්බැහි වුවෙකු බවත් ඔහු මෙම මතකුඩු අලවිකරන බවත් පැවසේ.

– ප්‍රගීත් ජනක

5,732 views

One Comment to “හෙරොයින් කිලෝ 38ක් අල්ලයි…”

  1. GU-VP SAKKILI API says:

    විශේෂයෙන්ම අති විශේෂ හීනමානය සහිත නව පරපුරට සහ සකල විද ගොන් ජනයාට ඕනෑම දෙයක් බීමේ අපී ලබාදෙනවා.
    හොදටම හොදඊ නේද