හෙරොයින් මත්කුඩු සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…

December 25, 2021 at 12:40 pm | lanka C news
හෙරොයින් මත්කුඩු සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහමාරක් සමග අහුංගල්ල පොලිසියේ සේවය නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුකුරුන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය .

සැකකාර පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ සිටියදී කටුකුරුන්ද ප්‍රදේශයට පැමිණ මත් කුඩු රැගෙන යමින් සිටියදී විශේෂ පොලිස් කණ්ඩායම අත්අඩංගුවට ගත් බව කියයි .

අත්අඩංගුවටගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පොලිස් සේවයට එක් වී වසර තුන හමාරක් වන ආයෙක් බවත් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් එම නිලධාරියා පැවැසීය .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

9,358 views

5 Comments to “හෙරොයින් මත්කුඩු සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට…”

  1. saman says:

    all forces must check

    • MD says:

      ඔවැනි මතට වහල් වු කීපදෙනා මුල් කරගෙන ජාතිය බේරගත් රණවිරුවන්ට අපහාස නොකරනු.මෝඩ අදහස් ප්‍රකාශ වලින් රටට කැලැල් නොදෙනු.

  2. Kalu Albot says:

    Pohottuwek nam samaawa demu!

  3. සනත් ඉතාලිය says:

    රණ විරුවත් බඩ වියත රැකගන්න කුඩු විකුණන ලෙවල් එකට වැටුන රටවිරුවට නම් කලින්ම ඇරිය නේ දැන් හම්බු කරපු ඩොලරෙ ලන්කාවට එවා ගන්න විදියක් නෑ.අනේ අපි රැවටුන තරම

  4. Peter says:

    When the country is in dire Stres of need it’s peoples support people who strike and certain politicians who try to take advantage at the time should be punished middle Eastern way. Those who don’t support the country at this situation are not Srilankans . You are disgrace to the country

Main News