හෙරොයින් මහ තොගය සමග අද ඇල්ලූ සැකකරුවන් බලන්න ජනපති මෛත‍්‍රී වේලාසනම යයි..

February 24, 2019 at 1:20 pm | lanka C news
හෙරොයින් මහ තොගය සමග අද ඇල්ලූ සැකකරුවන් බලන්න ජනපති මෛත‍්‍රී වේලාසනම යයි..

කිලෝ ග‍්‍රෑම් 295ක වූ මෙරටදී සොයාගන්නා ලද විශාලම හොරොයින් තොගය නිරීක්‍ෂණය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කටයුතු කර ඇත.

ඒ සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා බැලීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත.

මුළු මහත් ජාතියටම වන්දි ගෙවිය යුතු වරදක් කර ඇති බව ඔවුනට ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයිද වාර්තා වෙයි.

සැකකරුවනට නීතිය අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දැනටමත් මෙම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් මානව හිමිකම් සංවිධානයක් පොලීසියට කතාකර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ.

173 views